විදේශ සෘජු ආයෝජන සඳහා ආකර්ෂණීය ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර උපදේශන සමාගමක සේවාවන් ලබා ගැනීමට මුදල් අමාත්‍යාංශයට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දුන් බව රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.
රජයට ලැබී ඇති ආයෝජන යෝජනා ඇගයීම සහ වේගවත් කිරීම සඳහා භාණ්ඩාගාර ලේකම්ගේ ප්‍රධානත්වයෙන් නව ඉහළ මට්ටමේ ‘ආයෝජන කළමනාකරණ කමිටුවක්’ පත් කිරීමට කැබිනට් මණ්ඩලය පසුගිය මාසයේ අනුමැතිය ලබා දීමෙන් පසුව මෙම පියවර ගෙන තිබේ.










