• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාව ගැන-ආණ්ඩුව ගැන බය හිතෙන තවත් වාර්තාවක් ෆිච් රේටින්ග්ස් එළියට දමයි!

July 28, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
ජාත්‍යන්තර රේටින්ග්ස්වල ලංකාව තවත් කඩා වැටෙයි! ‘C’ එකේ හිටපු අපි ‘D’ වෙනකම්ම පහළට දාලා!
Share on WhatsAppShare on Facebook

 ශ්‍රී ලංකා රජය පාර්ලිමේන්තුව තුළ ශක්තිමත්ව පෙනුණත් ඔවුන්ට ඇති ජනතා සහය දුර්වල තත්ත්වයක පවතින බව ෆිච් රේටින්ග්ස් ආයතනය පවසයි.

නිවේදනයක් නිකුත්කරන ෆිච් රේටින්ග්ස් පෙන්වා දෙන්නේ, රාජපක්ෂ පවුලට ඉතා සමීප පොදුජන පෙරමුණේ දේශපාලනඥයින් බොහෝ දෙනෙකු පාර්ලිමේන්තුව තුළත් ආණ්ඩුව තුළත් සිටින බැවින් එය තවදුරටත් මහජන විරෝධයට හේතුවක් විය හැකි බවයි.

අමෙරිකාවේ ෆිච් රේටින්ග්ස් ආයතනය එරට විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාව පිළිගන්නා ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයකි.

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ලොව ප්‍රධාන ආයතන 03 අතරින් එකක් වන ෆිච් රේටින්ග්ස් අද නිකුත් කළ නිවේදනයේ පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාව ණය පැහැර හැරීමේ තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා කළ යුතු ප්‍රධාන කරුණ වන්නේ සාර්ථක රජයක් පිහිටුවීම බවයි.

ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් සහය ගැනීම යන කරුණු මත තවදුරටත් අභියෝගාත්මක තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

ෆිච් රේටින්ග්ස් පවසන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහන පැකේජයක් ලැබෙන්නේ නම් ඒ සමග ඉතා ඉහළ බදු පැනවීමටත්, රජයේ වියදම් පාලනය කිරීම‍ටත්ත් නම්‍යශීලී විනිමය අනුපාත ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමටත් සිදුවනු ඇති බවයි.

මෙම වැඩසටහන් ක්‍රියාත්මකවීමේදී මහජන විරෝධතාවක් එල්ලවීමේ අවදානමක් පවතින බව පවසන ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම් ගතවීමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකාවේ විදේශීය මූල්‍ය ක්‍රියාකාරිත්වය ඉතා අවදානම් තත්ත්වයකට පත්වනු ඇතැයි අනතුරු අඟවයි.

ජූලි මාසයේ අඟවනවිට ශ්‍රී ලංකාවට තෙල්, ආහාර සහ අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීම ද ඇතුළුව රටේ කටයුතු සඳහා තිබූ විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 1.9 ක් වැනි සුළු ප්‍රමාණයක් බව ෆීච් රේටින්ග්ස් ආයතනය පෙන්වා දෙයි.

චීනයට ගෙවිය යුතු ණය හේතුවෙන් ණය පිළිබඳ සාකච්ඡා සංකීර්ණ විය හැකි බව පවසන ෆිච් රේටින්ග්ස් ආයතනය පෙන්වා දෙන්නේ 2020 අවසානයේ චීන ණය ප්‍රමාණය ඩොලර් බිලියන 5 ක පමණ අගයක පැවති බවයි.

ණය කපා දැමීමට වඩා ඒවා කල් පිරෙන කාලය දීර්ඝ කිරීම, ණය ආපසු ගෙවීමේ ක්‍රමවේදය නැවත සකස්කර දීම, සහන කාලසීමා ලබාදීම වැනි සම්ප්‍රාදායික ක්‍රම චීනය අනුගමනය කළත් මෙම ක්‍රියාමාර්ග අනෙකුත් ණය ලබාදෙන පාර්ශ්ව සමග කෙරෙන සාකච්ඡාවලට අභියෝගාත්මක බලපෑමක් එල්ල කරනු ඇතැයි ඔවුන් පෙන්වා දෙයි.

විදේශ විනිමය ආපසු ගෙවීමේ ශ්‍රේණිගත කිරීම් තුළ ශ්‍රී ලංකාව මේ වනවිට සීමාසහිත ණය පැහැර හැරීමේ තත්ත්වය හෙවත් ආර්.ඩී තත්ත්වයේ පවති.

ෆච්රේටින්ග්ස් ආයතනය පෙන්වා දෙන්නේ, මේ තත්ත්වයෙන් මිදීම සඳහා ශ්‍රී ලංකාව වාණිජ ණය සාර්ථක ලෙස ප්‍රතිව්‍යුහගත කිරීමක් කළ යුතු බවයි. 

SendShareShare
Previous Post

විමල් ආණ්ඩුවට සහාය දෙන්න ලෑස්ති වෙයි! රනිල්ට ලියුමක් යවයි! (VIDEO)

Next Post

දෙමළ කල්ලියක් ගැහුවා කියලා රට ගිනි තියන්න හදපු ගුවන් හමුදා සෙබළා කරපු ‌මහා බොරුව අතේ පත්තු වෙයි! බලද්දි මිනිහම ඇඳුම් ගලවලා ගස් බැඳගෙන! ‌ඔන්ලයින් ගේම් ගහලා හතර වටේටම ණය වෙලා!

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා...

Read more
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.