ශ්‍රී ලංකාවේ රැදී සිටින චීන ජාතිකයන් සම්බන්ධයෙන් ඇතැම් පාර්ශවයන් සිදුකරන කටයුතු සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ෂියුවෑන් මහතා නිවේදනයක් නිකුත් කොට ඇත.
විශේෂයෙන්ම ඇතැම් කුලී රථ රියැදුරන් සහ ආපනශාලා හිමියන් චීන ජාතිකයන්ට සේවා සැපයීම ප්‍රතික්ෂේප කර තිබීම චීන තානාපතිවරයාගේ මෙම කනස්සල්ලට හේතු වී තිබේ.
සැබෑ මිත්‍රත්වය තිබිය යුත්තේ දුෂ්කර සහ අභියෝගාත්මක අවස්ථාවලදී බව තානාපතිවරයා සිය නිවේදනය මගින් දැනුම් දී ඇති අතර චීනයේ වගකීම් සහගත බව චීන රජය දැනට ගෙන ඇති ක්‍රියාමාර්ගවලින් පෙනී යන බවත්, ශ්‍රී ලාංකිකයන්ද එම තත්ත්වය තේරුම් ගනු ඇති බවත් සදහන් කොට ඇත.
එමෙන්ම මෙම ගැටලුවෙන් චීනය ජයගන්නා බවත්, ඒ අවස්ථාවේදී අපට මතක ඇත්තේ උදව් උපකාර කළ අයගේ මුහුණු බවත් චීන තානාපතිවරයා සිය නිවේදනය මගින් අවධාරණය කර තිබේ.










