තවත් කොවිඩ් මරණ 5ක් අද (06) දිනයේ තහවුරු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 502ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ, පල්ලෙකැලේ ප්‍රදේශයේ පදිංචිව සිටි 74 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 82 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, බරවර්ධනඔය ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, මාතර ප්‍රදේශයේ පදිංචිව සිටි 77 හැවිරිදි කාන්තාවක් සහ කන්නත්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.










