අයි.පී.එල්. තරගාවලියේ ඊයේ (10) පැවැති අවසන් මහා තරගයෙන් දිල්ලි කැපිටල්ස් පිල පරාජයට පත් කරමින් මහේල ජයවර්ධන විසින් පුහුණුකාර ධූරය දැරූ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම ජයග්‍රහණය ලබා ගැනීමට සමත් විය.
මෙහිදී පළමුවෙන් පන්දුවට පහර දුන් දිල්ලි කැපිටල්ස් පිල පන්දු වාර 20 ඇතුළත කඩුලු 7ක් දැවී ලකුණු 157ක් ලබා ගත් අතර මුම්බායි පිල කඩුලු 5ක් පමණක් දැවී අදාළ ඉලක්කය සපුරා ගැනීමට සමත් විය.
ඔවුන් තරගාවලිය ජයගත් 5 වන වතාව ලෙස මෙය සැලකේ.










