රෝහිත රාජපක්ෂ මහතාට අයත් බවට මාධ්‍යයෙන් අනාවරණය කළ දෙණියායේ හෝටලය සම්බන්ධයෙන් සර්ව පාක්ෂික අරගලකරුවන් විසින් රහස් පොලිසිය හමුවේ පැමිණිල්ලක් ගොනු කිරීමට පියවර ගෙන තිබිණ.
මීට අමතරව ලංකාවට ජෙට් ඉන්ධන ගෙන ඒමේ අයිතියද රජ පවුලේ කුමාරයකු විසින් ලබාගෙන ඇති බවටද මෙහිදී චෝදනා එල්ල විය.