කොරෝනා ආසාදිත රෝගීන් 18 දෙනෙකු වාර්තා වීමත් සමග වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ ගම්මාන 06ක් දැඩි සංචරණ සීමා පැනවීමට කටයුතු කරඇති බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පැවසීය.
දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලි ගමගේ මහතාගේ උපදෙස්මත මෙම පියවර ගත් බවද ඒ මහතා කීය.
ගල්බොක්ක නැගෙනහිර, ගල්බොක්ක බටහිර, අලුත්විදිය, කොට්ටගොඩ, කොහුන්ගමුව, හෙට්ටිවිදිය යන මෙකි ගම්මානවලින් කොරෝනා ආසාදිත රෝගින් 18 දෙනෙකු පෙරේදා (09) වාර්තා වී තිබු අතර ඊට දිනකිහිපයකට පමණ පෙර දෙදෙනෙකු වාර්තා වී තිබුණි.
මේ හේතුවෙන් ගම්මාන 06 සදහා දැඩි සංචරණ සීමා පැනවීම සුදුසු බවට සෞඛ්‍ය අංශ මගින් දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ මහතාට නිර්දේශ කළ බවද හෙතෙම කීය.
ඒ අනුව ඊයේ (09) රාත්‍රියේ සිට මෙකි ගම්මාන සදහා දැඩි සංචරණ සීමා පැනවීමට ආණ්ඩුකාරතුමා පොලිසියට නියෝග කළ බවද දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පැවසීය.










