රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමි අනුරාධපුර අටමස්ථානාධිපති නාහිමි ලෙස පත් කර තිබේ.
අටමස්ථාන කාරක සභාව රැස්වී මෙම පත්කිරීම සිදුකර ඇති අතර අභිනව අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමි ලබන 11 වනදා නිල වශයෙන් එම ධුරයේ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
අනුරාධපුර අටමස්ථානාධිපති ධුරයට පත්වූ 11වන නාහිමි ලෙස පල්ලේගම හේමරතන නාහිමි සැලකෙයි.
එම ධුරයේ කටයුතු කළ පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි පසුගිය 18 වනදා අපවත් විය.










