විසි වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමේදී රිෂාද් බදියුදීන් වැනි බෙදුම්වාදී චෝදනා ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහය ලබා ගැනීම තමන් කිසිසේත් අනුමත නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා ජනාධිපති සහ අගමැති අගමැතිවරයා වෙත ලිපියක් යවමින් පවසා තිබේ.
ඔහු පෙන්වා දෙන්නේ ජනවරම ලබාදුන්නේ 19 වැනි සංශෝධනයේ අඩුපාඩු නිවැරදි කිරීමට බව සැබැවක් නමුදු යළිත් 18 වැනි සංශෝධනය යළි ගෙනඒමට නොවන බව හෙතෙම අවධාරණය කර සිටී.
පසුගිය පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී අගමැතිවරයා පවසා තිබුණේ මුස්ලිම් පක්ෂ 20ට සහා දක්වනු ඇති බවකි.
එම සම්පූර්ණ ලිපිය මෙසේය.












