රැඳවුම් නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා මැති සභා රැස්වීම්වලට සහභාගී කරවා ගැනීමට කතානායක මහින්ද යාපාඅබේවර්ධන මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී අද (30) කැමැත්ත පළකර ඇත.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කළ ඉල්ලීමක් අනුව කතානායකවරයා මෙසේ කැමැත්ත පළ කළ බව දැනගන්නට ඇත.
මේ අනුව රිෂාඩ් බදියුදීන් මහතා පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී කරවන ලෙස කතානායකවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දීමට නියමිතය.










