පුද්ගලයන්ගෙන් රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටින තිළිණි ප්‍රියමාලි නමැති සැකකාරිය ස්ථානීය පරීක්ෂණ සදහා අද (12) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලෝක වෙළඳ මධ්‍යස්ථාන ඇතුලු ස්ථාන 4ට රැගෙන ආවේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ලබාගත් විශේෂ නියෝගයක් මත විමර්ශන කටයුත්තක් සඳහා ඇයව මෙලෙස ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය වෙත රැගෙනවිත් තිබේ.
අපරාධ පරීත්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් විසින් බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ අද පෙරවරුවේ ඇය බන්ධනාගාරයෙන් රැගෙන ගිය ගොස් තිබුණද ඇයට අත්මාංචු දමා තිබුණේ නැත.
රුපියල් කෝටි 250 ට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි මෙම සැකකාරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 19 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.