කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් මේ දක්වා කොවිඩ් -19 ආසාදිතයින් 32 දෙනෙකු හඳුනාගෙන ඇති බවත්, ඒ අතර කුඩා ළමුන් 20 දෙනෙකු සහ මව්වරුන් 12 දෙනෙකු සිටින බවත් රෝහල් අධ්යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසීය.
එමෙන්ම රෝහලේ වෛද්‍යවරයෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බවට ද ඊයේ (05) දිනයේ හඳුනාගෙන තිබේ.
කෙසේවෙතත් එම වෛද්‍යවරයාට වෛරසය ආසාදනය වී ඇත්තේ රෝහල තුළින් නොවන බව රෝහල් අධ්යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පෙන්වාදෙයි.
මෙම තත්ත්වය තුළ ප්‍රතිකාර සඳහා රෝහලට පැමිණීමට අනියත බියක් ඇති කරගත යුතු නොවන අතර ප්‍රතිකාර සේවා කටයුතු කිසිඳු බාධාවකින් තොරව සිදුවන බව ද රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂවරයා අවධාරණය කළේය.










