කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ළමයින් 7 දෙනෙක් සහ මව්වරුන් තිදෙනකුට කොවිඩ් – 19 වෛරස ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙන බව රෝහල් අධ්‍යක්ෂවරයා පවසයි.
ඔවුන් සියලු දෙනාම පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකිර්ණයේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජි.විජේසුරිය මහතා වැඩිදුරටත් පැවසීය.










