පසුගිය තෛපොංගල් දිනයේදී කොළඹ දේශපාලනයත් සමග ඉතා සමීපව ඇසුරු කරන එක්තරා කාන්තාවකගේ නිවෙසේ විශේෂ තෛපොංගල් උත්සවයක් පැවැත්විණි.
සාමාන්‍යයෙන් මෙම කාන්තාව සෑම වසරකදීම පාහේ මේ ආකාරයට සිය නිවෙසේ තෛපොංගල් උත්සවයක් පවත්වන අතර ඊට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලකයන් පැමිණීම සාමාන්‍ය දසුනකි. ඒ අනුව පසුගියදා පැවැති උත්සවයට විශේෂ නියෝජිතයයෝ දෙදෙනකු සහභාගි වී සිටියහ. ඉන් එක් අයකු වූයේ පොහොට්ටුවේ මහමොළකරුවා වන බැසිල් රාජපක්ෂය. අනෙක් කෙනා වූයේ මේ දිනවල ‘ආණ්ඩුවට ඔන්න ගියා, මෙන්න ගියා’ යැයි කියැවෙන සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නය. එහිදී දෙදෙනා අතර විශේෂ සාකච්ඡාවක්ද පැවැතිවිණි. මෙහිදී සාකච්ඡාවට මාතෘකාව වූයේ රාජිත ආණ්ඩුවට එක්වීම පිළිබඳවය.
ඒ සම්බන්ධයෙන් මුලින්ම විමසමින් බැසිල් කියා සිටියේ රාජිත ආණ්ඩුවට එක්වී ඇමැතිකම් ගන්නවා තමන් විරුද්ධ බවට මතයක් දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර ඇති බවත්, තමන් ඊට කිසිසේත්ම විරුද්ධ නැති බවත්ය.
‘ඔයා මේ ඇමැතිකමක් ගන්නවට මම විරුද්ධයි කියලා හැමතැනම කතාවක් යනවා. මම ඒකට කිසිම විදියකින් විරුද්ධ වෙලා නැහැ. මොකද ඔයා අපිත් එක්ක වැඩ කරපු කෙනෙක්. ඒක හින්දා මමත් කියන්නේ ඔයා ආණ්ඩුව ඇතුළට ඇවිල්ලා අපිත් එක්ක එකතුවෙලා වැඩකරමු කියලා…’ යනුවෙන් බැසිල් කියද්දී රාජිත කියා සිටියේ, ‘කෝ මේ ජනාධිපතිතුමා මේක කල්දානවනේ… නැත්නම් මමත් කැමැතියි ආණ්ඩුවට එකතු වෙලා වැඩ කරන්න….’ යැයි කියාය. රාජිතගේ මෙම පිළිතුරට අනුව ඉදිරියේදී සිදුකිරීමට නියමිත ඇමැති ධුර ලබාදීමේදී රාජිතටද ඇමැතිකමක් ලබාදීමට ඇති ඉඩකඩ ඉතා ඉහළය.
සම්පූර්ණ විස්තරය මෙතනින්!