නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යවරිය වන විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ පරිහරණය සඳහා ඇපල් iPhone දුරකථනයක් සහ iPad පරිගණක යන්ත්‍රයක් ලබා ගැනීමට ප්‍රතිපාදන ලබා දෙන ලෙස ඉල්ලා අමාත්‍යවරියගේ පුද්ගලික ලේකම්වරයා විසින් අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයා වෙත යොමු කොට ඇති ලිපියක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවන්හි සංසරණය වෙමින් තිබේ.
මිට අමතරව රාජ්‍ය අමාත්‍යවරියගේ නිල රථය සඳහා විදුලි ලාම්පුවක්, කුඩයක් සහ පසුගමන් ආරක්ෂක රථය සඳහා VIP විදුලි බල්බ මිලදී ගැනීමට ද මුදල් ලබා දෙන ලෙස එම ලිපියෙන් ඉල්ලා ඇත.
කෙසේවෙතත් මෙම ලිපිය සමාජ මාධ්‍ය ජාලා වෙත යොමු වීමත් සමග අමාත්‍යවරියගේ මාධ්‍ය ලේකම්වරයා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් කියා ඇත්තේ අදාළ භාණ්ඩ මිට පෙර අමාත්‍යාංශයේ අමාත්‍ය ධුර දැරූ අමාත්‍යවරුන් විසින් භාවිත කර අමාත්‍යාංශයට නැවත භාරදුන් භාණ්ඩ වන අතර එකී භාණ්ඩ නැවත ලබා ගැනීම වෙනුවෙන් අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයාගේ ඉල්ලීමකට අනුව පෞද්ගලික කාර්ය මණ්ඩලය විසින් යොමු කරන ලද ලිපියක් බවයි.
අමාත්‍යංශයේ රාජකාරි කරන අමාත්‍යවරුන් යළි භාරදීම සිදුකළ යුතු බවත් ඒවා නැවත පත්වන අමාත්‍යවරුන් ගේ පරිහරණය සඳහා ලබා ගැනීමේදී ලිඛිත ඉල්ලීම් සිදුකළ යුතු බවයි එම පැහැදිලි කිරීමේ වැඩිදුරටත් සඳහන් වේ.












