• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රාජසිංහ රජ්ජුරුවොත් සැමරුවා! රොබට් නොක්සුත් කැවුම් කාලා! මහවාසල දොරටුවල තොරණ හදලා! රාජ්‍ය නායකයන් අවුරුදු සැමරුවේ අද ඊයේ ඉඳලා නෙවෙයි! Sri Lanka Latest News

April 20, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
රාජසිංහ රජ්ජුරුවොත් සැමරුවා! රොබට් නොක්සුත් කැවුම් කාලා! මහවාසල දොරටුවල තොරණ හදලා! රාජ්‍ය නායකයන් අවුරුදු සැමරුවේ අද ඊයේ ඉඳලා නෙවෙයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

..
මෙදා සිංහල හා හින්දු අලුත් අවුරුද්ද අවස්ථාවේ කිසිදු රාජකීය උත්සවයක් ඒ වෙනුවෙන් පැවැත්වූයේ නැත. ඒ ගැන අප දේශපාලනික වශයෙන් උදම් අනනා අතර, රටේ රාජකීය උත්සවයක් නොපැවැත්වීම ඉතා හොඳ, ඉතා වටිනා කාර්යයක් බවද බොහෝ දෙනෙක් විග්‍රහ කර ගනිති. රාජකීය උත්සවයක් සඳහා වියදම් කරන විශාල මුදලක් රටට ඉතිරි කර දීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමාටත්, අගමැතිතුමියටත්, ඊට අදාළ රාජකීයයන්ටත් ස්තුතිවන්ත වීම අද අපේ රටේ දක්නට ලැබෙන කාරණයකි. රාජකීය උත්සවයක් නොපැවැත්වූ නමුත් රටේ ප්‍රධාන දේශපාලකයෝ තම තමන්ගේ මට්ටමෙන් විවිධාකාරයේ රාජකීය උත්සව සංවිධාන කර තිබූ ආකාරයද අපට දක්නට ලැබුණේය. දැන් මෙවැනි රාජකීය උත්සවයක් ලංකාවේ පැවැත්වීම ජයග්‍රහණයක්ද යන්න පිළිබඳ අප ඉතිහාසය පුරා සොයා බැලුවෙමු. මීට පෙර ඉතිහාසයේ රාජකීය උත්සව ශ්‍රී ලංකාවේ පවත්වා තිබේද යන්න සොයා බලනා විට පැවැති රජයන්හි ජනාධිපතිවරු බොහෝ අවස්ථාවල රාජකීය උත්සව පවත්වා තිබේ. ඒ අතර මහින්ද රාජපක්ෂගේ පවුල විසින් පවත්වනු ලබන විශාල රාජකීය අවුරුදු උත්සවය ඉතා සුවිශේෂ තැනක් ගත්තේය. පහුගිය සමයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමන් එතරම් විශාල රාජකීය උත්සව නොපැවැත්වුවද, මහින්ද රාජපක්ෂලා එක සමාන ඇඳුම් ඇඳගෙන එක විදියට ඉඳගෙන ඉතා විශාල උත්සව සංවිධාන කර තිබුණේය. පෙරද විවිධ දේශපාලකයන් එවැනි උත්සව සංවිධාන කර තිබූ අතර, ඒවාට විශාල මුදලක් වියදම් කළ බවද ඉතා සාධාරණ කාරණයකි. ඔවුන් විසින් ඒ නැතිනාස්ති කළේ මහජනතාවගේ මුදල් බවද, කුමන මට්ටමින් සැලකුවද පිළිගත යුතු කාරණයකි.
රටක ජනාධිපතිවරයකු හෝ වෙනත් දේශපාලකයන් තමන්ගේ උත්සව සඳහා වියහියදම් කරමින් මුදල් කාබාසිනියා කර දැමීම කිසි විටෙක අනුමත කළ නොහැක. එවැන්නක් අනුමත කළ නොහැකි සේම එවැන්නක් සිදුවේ නම් එයට එරෙහි වීමටත්, එවැන්නක් සිදුව ඇත්නම් එය පසුව හෝ විවේචනය කිරීමටත් රටේ සාමාන්‍ය පුරවැසියන් ලෙස අපට අයිතියක් සහ යුතුකමක්ද, වුවමනාවක්ද තිබේ. නමුත් ලංකාවේ මීට පෙරද රාජකීය උත්සව පවත්වා ඇති බවත්, එම රාජකීය උත්සවවල ඉතිහාසය අපි හිතනවාට වඩා ඉතා දුර බවත් මේ මොහොතේ සඳහන් කළ යුතුය.Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ මහනුවර රාජධානි සමයේ රජකම් කළ දෙවැනි රාජසිංහ රජ සමයේදී සිරකරුවකු ලෙස රඳවාගෙන සිටි බි්‍රතාන්‍ය ජාතිකයකු වූ රොබට් නොක්ස් රාජකීය උත්සවවලට සහභාගි වී ඇති බවත්, එම රාජකීය උත්සව මීට අවුරුදු දෙතුන් සීයකට පෙර රජවරුන්ගේ රාජ මාලිගාවල පැවැති බවත් රොබට් නොක්ස් විසින් රචනා කර ඇති පතපොත අධ්‍යයනය කරද්දී හඳුනාගත හැකිය. මෙහිදී රාජකීයයන් විසින් පනවන ලද අලුත් අවුරුදු බද්දක් ගැන ඔහුගේ කෘතියේ සඳහන්ව තිබේ. අලුත් අවුරුදු බද්ද යනු අලුත් අවුරුදු දිනයේ රජතුමා විසින් පවත්වන්නට යන සිරිත් විරිත් සඳහා මහජනතාව විසින් සැපයිය යුතු කළමනාය. සාමාන්‍යයෙන් නක්ෂත්‍රකරුවන් විසින් ලබාදෙන වෙලාවන් අනුව, තැන අනුව මෙම රාජකීය උත්සවය පවත්වන අතර, ඔහුට රජයේ උසස් නිලධාරීන් විසින්ද විශේෂ ගෙවීමක් සිදුකරනු ලබයි. එහිදී ගෙවනු ලබන දේවල් සම්බන්ධවද රොබට් නොක්ස් සඳහන් කර තිබේ. අවි ආයුධ, පිහියා, වස්ත්‍රාභරණ, ලෝහමය ද්‍රව්‍ය සේම රන් රිදී ආභරණ ආදියද මෙහිදී පිරිනමන බව ‘එදා හෙළදිව’ කෘතියේ සඳහන්ව තිබේ. මෙවැනි දේ සැපයිය නොහැකි පුද්ගලයන් ඒ සඳහා මුදල් පරිත්‍යාග කරනු ලැබේ.

වෙළහෙලඳාම් ඇතුළු විවිධ රැකියාවල නිරත වූවන්ද රජුට රාජකීය බද්දක් ගෙවනු ලබන බවත් මෙම අවුරුදු බද්දෙන් ඔවුන්ට නිදහස් විය නොහැකි බවත් අප අධ්‍යයනය කරන ලද පතපොතේ සඳහන්ව තිබේ. සාමාන්‍ය රටවැසියා විසින් සිරිත් පරිදි මීපැණි, ධාන්‍ය, ලාකඩ, තෙල්, ඇත්දළ, දුම්කොළ ආදිය සැපයීමද ඉතා සාමාන්‍ය කරුණක් බව සඳහන්ව තිබේ.

මෙහිදී රොබඩ් නොක්ස් විසින් රාජකීය උත්සවයක් රජුගේ මාලිගාවේ පවත්වනු දැක ඇති බවද අපට අදහාගත නොහැකි කාරණයකි. සිංහල අවුරුදු කාලයේදී රජ ගෙදර සෑම දොරටුවක් පාසාම තොරන් බැඳ සරසන බව රොබට් නොක්ස් සඳහන් කර තිබේ. සිංහල අවුරුද්දට රාජකීය බළමුළු පෙළ සෑදී මහා වාසල අරක්ගන්නා බවද ඔහු සඳහන් කර තිබේ. මෙහිදී රජු උදෑසන නැගිට දියවඩන නිලධාරියා සමග ගොස් හිස් සෝදා නා පියා ස්වර්ණාභරණ විභූෂිතව සන්නාහ සන්නද්ධව පෙළ සැදී සිටගත් බළ සෙනඟ පරීක්ෂා කිරීම සිදුකරන බවද ඉතිහාස කතන්දරේ සඳහන්ව තිබේ. රාජකීය උත්සවය සඳහා කැවිලි පෙවිලි සකස් කරන ආකාරය පිළිබඳවද රොබට් නොක්ස්ගේ මේ පොතේ සඳහන්ව ඇති අතර, කැවුම්, අග්ගලා සහ අළුවා පිළිබඳ එහි සඳහන් කර තිබේ. එසේම යක්පැටි නමැති විශේෂ ආහාර වර්ගයක් ගැනද සඳහන් කර තිබෙන බව අපට හඳුනාගත හැකිය. කැවුම් සාදාගන්නා ආකාරය ඔහු සවිස්තරාත්මකව මෙසේ සඳහන් කර තිබේ.

‘ඔවුන්ගේ රස කැවිලි විවිධය. ඒ රස කැවිලි අතර ප්‍රධානත්වයක් ගන්නා කැවුම්, සහල් පිටියෙන් හා පැණියෙන් සාදාගනු ලැබේ. සහල් පිටි අනා ගුළි ගසා කොළපතක තබා ඇඟිල්ලෙන් පැතලි කොට පැහෙන තෙල් ඇතිළියේ බහා පදමට කරවූ පසු තෙලෙන් එළියට ගනිති.’ යනුවෙන් ඔහු සඳහන් කර තිබේ. එසේම අග්ගලා පිළිබඳවද ඔහු සඳහන් කර තිබෙන්නේ මේ ආකාරයටය.

‘අග්ගලා නමින් තවත් අළුමුසුවක් වෙයි. බැදි හාල් පිටි පැණියෙන් අනා ගම්මිරිස්, කරදමුංගු හා කුරුඳු පොතු මඳ වශයෙන් මුසුකොට මෙම ගුළි සාදාගනු ලැබේ.’
අග්ගලා සේම අළුවා ගැනද ඔහු සඳහන් කර තිබේ.

‘මෙම අග්ගලා සාදන ආකාරයෙන්ම සාදාගනු ලබන අළුවා නම් අහරක් ද ඇත. වෙනසකට ඇත්තේ හැඩය පමණකි. අග්ගලාව වටකුරු වූ අතර, අළුවා පැතලිය. ආහාර අහේනියෙන් හාමත් වූ විට අළුවා කා ඉක්බිති වතුර බොනු ලැබේ. අතුරුපසට මන වඩන්නා වූ මෙම අළුවා ටිකක් අපි පලා එද්දී ගෙන ආවෙමු.’ යනුවෙන් ඔහු ‘එදා හෙළදිව’ කෘතියේ සඳහන් කර තිබේ.

‘යක්පැටි නම් තවත් අහරක් වෙයි. හාල් පිටි, පොල් හා හකුරුවලින් සාදනු ලබන මෙය රස අහරකි. හාල් පිටි, පැණි මුසුකොට අනා ගුළිකොට කොළයක ලා වණ්ඩුවේ තම්බා ගනිති. ඉතා මොළොක් වූ මෙය බුදින විට හකුරු සමග සුදු පාන් කන බවක් හැඟෙන්නේය.’ යනුවෙන් රොබට් නොක්ස් සඳහන් කරයි.

මේ අනුව පැහැදිලි වන ප්‍රධාන කාරණය වන්නේ රොබට් නොක්ස් පවා ශ්‍රී ලංකාවේ අලුත් අවුරුදු රාජකීය උත්සවය දැක ඇති බවය. ඒ අනුව අලුත් අවුරුදු රාජකීය උත්සවය මීට අවුරුදු දෙතුන් සීයකට පෙර සිට පැවැත එන සාම්ප්‍රදායක් බව පැහැදිලි කරගත හැකිය. තවදුරටත් එය රාජකීය උත්සවයක් ලෙස නොසලකා නොතකා හැරීම ඒ අනුව ගත් කල අපට තරම් වේද යන්න විශේෂයෙන් පැහැදිලි කරගත යුතු සොයා සපයාගත යුතු කරුණකි. ශ්‍රී ලංකාවේ සිංහලයෝත් ද්‍රවිඩ හින්දූහුත් එක්ව අලුත් අවුරුදු උත්සවය සම්ප්‍රදායානුකූලව සමරනු ලබයි.

මේ ආකාරයෙන් සකස් කරන ලද ආහාර පිළිබඳ විවිධ පතපොතේ සඳහන් වන අතර, කොණ්ඩ කැවුම් සම්බන්ධයෙන්ද සඳහන්ව ඇති කොටස ඔබට කිව යුතුමය.
‘ඕලන්දකාරයන් ලංකාවට පළමුකොට පැමිණි අවධියේ ඔවුන්ට රාජකීය සංග්‍රහයක්‌ කරනු කැමති වූ කන්දේ රජු ඔවුන්ට කැවුම් පිස යවන ලෙස රාජපුරුෂයන් හට නියම කළේය. එම කැවුම් කා පුදුමයට පත්වූ ලන්දේසීහු එපමණ ප්‍රණීත ආහාරයක්‌ මිනිස්‌ අතකින් නම් සෑදිය නොහැකි යෑයි සිතා මේවා ගස්‌වලින් කඩාගන්නා දෙයක්‌දැයි ඇසුවේලු’ යනුවෙන් එදා හෙළදිවේ සඳහන් වී තිබේ. ඒ අනුව ශ්‍රී ලාංකේය ඉතිහාසය පුරාම කැවිලි පෙවිලි සම්බන්ධව පවතින මතකය පහසුවෙන් අමතක කළ නොහැකි එකකි.
රාජකීය උත්සවයක් ලෙස දැන් කිසි දිනෙක මෙය නොසිදුවේ නම් එය එදා හෙළිදිව තෙක්ම ඉතිහාසයේ සඳහන් කරන ලද සුවිශේෂ කාරණයක් ඉතාම අවශේෂ අයුරින් නොසලකා හැරීමක් දැයි සාමාන්‍ය මහජනතාවට හිතෙනා එක වැළැක්විය නොහැකිය. නමුත් කුමන හෝ ආකාරයකින් මහජන මුදල් නැති නාස්ති නොකොට ඉතිරි කරන්නට කුමන හෝ නිලධාරියකුට හිතෙන්නේ නම් එය ජනතා ජයග්‍රහණයකි. නමුත් එසේ රැකගත යුතු දේ රැකගැනීමත් ආරක්ෂා කළ යුතු දේ ආරක්ෂා කිරීමත් සේම සම්ප්‍රදායන්ට ගරු කිරීමද අප විසින් අනිවාර්යයෙන්ම සිදුකළ යුතුමය.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

පිල්ලෙයාන් අල්ලලා තියෙන්නේ පාස්කු ප්‍රහාරයට නෙවෙයි! මේ ටිල්වින්ම කියන්නේ ඇල්ලුවෙ මොකටද කියලා! අහන්නකෝ! VIDEO I Sri Lanka Latest News

Next Post

කව්රු බොරු කළත් කව්රු විකුණගෙන කෑවත් පාස්කු ප්‍රහාරය එල්ලවූ කටුවපිටිය දේව ප්‍රතිමාව සියල්ල දන්නවා! මේ බලන්න ප්‍රතිමාව එළියට ගත්තාම පාන ප්‍රාතිහාර්යය! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

Exclusive

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News
Exclusive

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

Load More
ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

මෙරට දැනට ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු වෛරසය පෙර අවස්ථාවලට වඩා යම් වෙනස් ස්වභාවයක් ගන්නා බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි...

Read more

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.