විපක්ෂයක් ලෙස සර්ව පාක්ෂික ඇමති සූදුව තුළින් රාජපක්ෂලාගේ කුණු ඇදීමට කැමති නොවන බවත් කමිටු හරහා සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. රටේ වර්තමානයේ ඇතිව තිබෙන තත්ත්වයට වගකිව යුත්තේ ගෝටාභය රාජපක්ෂ ප්‍රමුඛ පොහොටටු ආණ්ඩුව බවත් ඔවුන්ට බලය ලබාදුන් මන්ත්‍රීවරුන්ද මේ තත්ත්වයට වගකිව යුතු බවත් මේ තත්ත්වයෙන් රට ගොඩනැගීමට නම් ජනාධිපතිවරයා ඇතුළු පාර්ලිමේන්තුවේ 225ම කැපකිරීම් සිදු කළ යුුතු බවත් මේ එළඹ ඇත්තේ කැපකිරීමේ කාලය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පසුගිය කාලයේ නයි පෙන්වා, මුට්ටි හලා, පැණි පෙන්වා මිනිසුන් ඇන්දවූ බවත් නැවත වරක් ඇන්දෙන්නේ නැතිව බුද්ධිමත් විය යුතු බවත් විපක්ෂ නායකතුමා පැවසීය. සෑම දෙනාම මේ පෝලිම් යුගය හේතුවෙන් විඳවන බව කී විපක්ෂ නායකතුමා ඔවුන් මේ සඳහා විසදුම් ඉල්ලා සිටියත් පොහොට්ටු ආණ්ඩුව විසින් ඊට තිරසාර විසදුමක් ඉදිරිපත් නොකළ බවත් පැවසීය.
මෙරට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු මෙන්ම හිටපු ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයෙක් වූ යූ එල් එම් ෆාරූක් මහතාගේ පළමු ගුණානුස්මරණ උත්සවය අද(06) රුවන්වැල්ලේ දී පැවැත්විණි.
යූ එල් එම් ෆාරුක් මහතා රුවන්වැල්ල ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ලෙස ද කෑගැල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා ලෙස ද එවක ආර් ප්‍රේමදාස මහතාගේ ආණ්ඩු සමයේදී ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද සේවය කර දේශපාලනයෙන් විශ්‍රාම ගිය කෘතහස්ත නායකයෙකි. ගුණානුස්මරණ උත්සවය සංවිධානය කොට තිබුණේ නිහාල් ෆාරුක් මහතා විසිනි.
ඇමතිකම් බෙදා නොගෙන තාන්න මාන්න වරප්‍රසාද නොබලා කැපකිරීම් සිදු කළ යුතු බවද පැවසීය. එසේම සමහර ඇමතිවරු සහ පාර්ලිමේන්තුවේ ලොකුපුටුවල ඉන්න ඇමතිවරු පවා තම කාර්යමණ්ඩලයට පවුලේ සියලු දෙනාම එකතු කර ගෙන ඇති බවත් සර්ව පාක්ෂික ආණ්ඩුවක දී ඒ තත්ත්වය නැති විය යුතු බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ මේ අවස්ථාවේ සියලු දෙනාම එකට එකතු වී රට ගොඩ නැගීමට කටයුතු කළ යුතු බවයි. එහි දී ඇමතිවරු රාජ්‍ය ඇමතිවරු වැඩි කිරීමෙන් රට ගොඩ නැගීම කළ නොහැකි බවත් ඉදිරියේදී හෝ ජනතා අරමුදල් ඇමති සුඛ විහරණය වෙනුවෙන් භාවිත නොකළ යුතු බවද පැවසීය.
















