සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බලධාරීන් මැතිවරණයක් පැවැත්වීමේ සුදුසු වාතාවරණයක් රට තුළ පවතින බවට පැහැදිලි ප්‍රකාශයක් සිදු කර නොතිබියදී මැතිවරණයක් සදහා දින නියම වූයේ කෙසේද යන්න සම්බන්ධයෙන් තමාට ගැටලුවක් පවතින බව හිටපු අමාත්‍ය, එජාප උප නායක රවි කරුණානායක මහතා සදහන් කරයි.
එජාපය මැතිවරණවලට බිය නොමැති නමුත් ජනතාවගේ ජීවිත බිල්ලට දී මැතිවරණ ජයගැනීමට තම පක්ෂය කිසිසේත්ම සූදානම් නැති බවද ඒ මහතා සදහන් කර සිටියේය.










