විදුලි බල, ඛනිජ තෙල් සහ රෝහල් අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරමින් යළිත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අණ පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින්.
ඒ අනුව, විදුලි බල සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිශ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත්වන බවයි එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.
ඊට අමතරව රෝහල් වල, සාත්තු නිවාස වල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලුම සේවා වැඩ හෝ ශ්‍රමයද අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කර ඇති බවයි එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.