ආනයනික බිත්තර බේකරි කර්මාන්තය තුළ භාවිත කිරීම සඳහා මාර්ගෝපදේශන මාලාවක් සකස් කරන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.
ඒ අනුව බේකරි නිෂ්පාදන සඳහා ආනයනික බිත්තර භාවිත කරන විට අත් ආවරණ යොදා ගැනීම සහ බිත්තර කටු ආරක්ෂිතව බැහැර කිරීම හෝ විනාශ කිරීම සිදු කළ යුතුයි.
කිසිසේත්ම ඉතිරි බිත්තර කටු පරිසරයට මුදා හැරීම නොකළ යුතුයි.
රටවල් කිහිපයක ව්‍යාප්ත වී යන කුරුළු උණ වෛරසය මෙරටට ඇතුළුවීමට වැළැක්වීමේ අරමුණින් මෙම මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.
පසුගිය දිනවල මෙරට වෙළෙඳපොලේ ඇතිවූ බිත්තර හිඟය අවම කිරීම සඳහා බිත්තර ආනයනය කිරීමට රජය තීරණය කළේ ය.
නමුත් ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක ව්‍යාප්තවී යන කුරුළු උණ හේතුවෙන් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඒ සඳහා අවසර ලබා දුන්නේ නැහැ.
කෙසේවෙතත් පවතින බිත්තර හිඟය සහ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් තාවකාලිකව බිත්තර ආනයනය සඳහා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේ වනවිට අවසර ලබා දී තිබේ.
ඒ අනුව එම බිත්තර බේකරි කර්මාන්තය සඳහා පමණක් භාවිත කරනු ඇති.