• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් වව්නියාවට යයි! උතුරට විසඳුම් ලබා දෙන බවත් කියයි! (PHOTOS)

November 19, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
රනිල් වව්නියාවට යයි! උතුරට විසඳුම් ලබා දෙන බවත් කියයි! (PHOTOS)
Share on WhatsAppShare on Facebook

උතුරේ ප්‍රශ්නයට විසඳුම් ලබා දීමේ දී සිංහල දෙමළ මුස්ලිම් යන සියලුම ජනතාව ඒකරාශී කරගනිමින් එම විසඳුම් ලබාදීමට තමන් සූදානම් බවත් 75වන නිදහස් දින උළෙලේදීවත් මෙරට සියලු ජනතාවට එක මවකගේ දරුවන් ලෙස ජීවත්වීමට හැකිවේවායි තමා ප්‍රාර්ථනා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක කෙරෙන උතුරු පළාත් සංවර්ධන විශේෂ ඒකක උප කාර්යාලය වවුනියාවේ දී අද (19) විවෘත කරමිනි.

බොහෝ කලක් උතුරේ මෙන්ම දකුණේ ජනතාව ද විවිධ හේතූන් මත දුක් විඳී බවත් ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට කඩිනමින් කටයුතු කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.‍

වවුනියා දිස්ත්‍රික්කයේ රජයේ සේවක නිවාස යෝජනා ක්‍රමයේ නිවාසලාභීන් 120 දෙනෙකුට නිවාස හිමිකම් ඔප්පු ප්‍රදානය යටතේ සංකේතාත්මකව 30 දෙනෙකු වෙත හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීම සහ උතුරේ පැවති යුද ගැටුම් හේතුවෙන් දේපළ අලාභ හානි සඳහා වන්දි හිමිකම් හිමි 96දෙනෙකුගෙන් 12 දෙනෙකු වෙත සංකේතාත්මකව මුදල් පිරිනැමීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.

වවුනියාව දිස්ත්‍රික්කයේ ගොවීන් සඳහා පොහොර බෙදාදීම සංකේතවත් කරමින් ගොවීන් කිහිප දෙනෙකුට පොහොර බෙදාදීම ද සංකේතාත්මකව සිදු විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

මේ කාර්යාලයේ ඉඳන් උතුරේ ජනතාවගේ ප්‍රශ්න සාකච්ඡා කරන්න පුළුවන්. කාදර් මස්තාන් ඇමතිවරයා කිව්වා හැමදේම යාපනයට විතරයි ලබා දෙන්නේ කියලා. ඔන්න දැන් වව්නියාවේත් කාර්යාලයක් විවෘත ක‍රල තියෙනවා. ජනාධිපති කාර්යාලයේ නිලධාරියකු මෙම කටයුතු සඳහා සම්බන්ධ වනවා. අමාත්‍යංශවල නිලධාරීනුත් මෙම කාර්යාලයට ඇවිල්ලා උතුරේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට කටයුතු කරයි කියල මම විශ්වාස කරනවා. සියලුම ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීය යුතුයි .
ත්‍රස්තවාදයෙන් ඇති වූ ප්‍රශ්න සහ උතුරු ජනතාවට තිබෙන ප්‍රශ්නවලට අපි විසඳුම් ලබා දිය යුතුයි . ඒ වගේම මුස්ලිම් ජනතාවට ශ්‍රී ලංකා සමාජයේ තමන්ට තිබෙන අයිතිය පිළිබඳ ප්‍රශ්න තිබෙනවා. කඳුකරේ ජනතාවටත් විවිධ ප්‍රශ්න තිබෙනවා . මෙම ප්‍රශ්න සියල්ල විසඳන්න ඕනේ කියලා සමාජ මතයක් තියෙනවා.

ඒ නිසා මේ සියලු ගැටලුවලට විසඳුම් ලබා දෙන්න මේ හොඳම කාලයයි. මෙම ප්‍රශ්නවලට ක්‍රමානුකූලව විසඳුම් ලබාදිය යුතුයි. මේ ගැන සිංහල දෙමළ මුස්ලිම් ජනතාව සමග සාකච්ඡා කරන්න මම බලාපොරොත්තු වෙනවා. රට බෙදන්නේ නැතුව ප්‍රශ්නවලට විසඳුම් දෙන්න මම බලාපොරොත්තු වෙනවා.
පළමුව ජනතාවට තිබෙන සැකය දුරු කළ යුතුයි. අපි සියලුදෙනා එක්ව වැඩ කිරීමේදී එම සැකය දුරු වී යාවී. යුද්ධය නිසා දුක් වින්ද ජනතාවට සැනසුමක් ලැබේවි. 83 ඉඳන් අපි ලොකු දුරක් ඇවිල්ල තිබෙනව. ඒ වගේම 2009 සිට ලොකු දුරක් ඇවිල්ලා තිබෙනව. මට ජාතික ගීයේ වචන පෙළක් මතක් වුණා. ඒ “එක මවකගේ දරුවන් ලෙස ජීවත් වීම” යන්නයි. 75 වන නිදහස් උළෙලේදීවත් එක මවකගේ දරුවන් ලෙස ජීවත් වෙන්න හැකි වේවායි මම ප්‍රාර්ථනා කරනවා.

මෙහිදී අදහස් දැක්වූ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා
2015දී උතුරේ ජනතාවට විසඳුම් ලබා දෙන බව සුමන්තිරන් මන්ත්‍රිතුමා කිව්වා. නමුත් කුමක් හෝ හේතුවක් නිසා උතුරේ ජනතාවට විසඳුම් ලැබුණේ නෑ. දැන් ගිය දේ ගියා. අපි ඉදිරියට දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳා ගැනීමට කටයුතු කරමු. දෙමළ ජාතික සන්ධානය මෙවැනි ආකාරයට නම්‍යශීලී වීම පිළිබඳව අපි සතුටු වෙනවා. එකේදිත් මෙවැනි ආකාරයෙන් අපි එකතුවෙලා වැඩ කළොත් දෙමළ ජනතාවගේ මෙන්ම රටේ ගැටලුවලට විසඳුම් ලබා ලබා දීමට අපට හැකියාව තිබෙනවා.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි සෙල්වම් අඩෛක්කලනාදන් මහතා
මේ ඓතිහාසික අවස්ථාව ගැන බොහොම සතුටුයි. උතුරේ සංවර්ධනය සම්බන්ධයෙන් මෙවැනි කාර්යාලයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් මම ජනාධිපතිතුමාට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට කඩිනම් විසදුම් ලබාදෙනු ඇතැයි අපි විශ්වාස කරනවා.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා ,
උතුරේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීමට ජනාධිපතිතුමා අගමැතිවරයාව සිටියදී කටයුතු කරල තිබෙනවා. 2015දී ඔබ අගමැතිවරයා ලෙස උතුරේ ජනතාවගේ ගැටලුවලට විසඳුමක් ලබා දෙන්න කටයුතු කළා. නමුත් එහිදී සිදුවු යම් යම් අඩුපාඩුකම් නිසා එය ලබා ගැනීමට අපට හැකියාව තිබුණේ නැහැ. අද ඔබතුමා ජනාධිපතිවරයා වෙලා තිබෙනවා. ඒ නිසා උතුරේ ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබා දෙනු ඇතැයි අපිට විශ්වාසයක් තිබෙනවා . ඔබතුමාගේ වැඩපිළිවෙළට අපේ සහාය ලබා දෙන ගමන් දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුලසිංහ තිලීබන්, උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජ්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, වව්නියාව දිස්ත්‍රික් ලේකම් පී. ඒ. සරත්චන්ද්‍ර යන මහත්ම මහත්මීහු ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

SendShareShare
Previous Post

මෙහෙමත් අමන තිරිසන් මිනිස්සු! මහලු අම්මාව ත්‍රීවීලරේ අරන් ඇවිත් මහපාරේ දමා අතත් වනාගෙන ගිහින්! ‌පොලිසියට හොයාගන්න පුලුවන් වෙයිද? (VIDEO)

Next Post

ඩයනගේ ගංජා බෝට්ටුවට රාජිතත් නගී! මේක කලින් කරන්න හැදුවෙ එයාලු! මෛත්‍රී කරන්න දුන්නෙ නෑලු! ගංජාවලින් රට ගොඩගන්න පුලුවන් වගේ තමයි කියන්නේ! (VIDEO)

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Load More
හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

ප්‍රියන්ත අයියා වැඩේදි සැරයි… කෝ ටීචර්ගේ බබා? ඇයි ටීචර්ගේ බබා එක්කගෙන ආවේ නැත්තෙ… පොඩ්ඩොන්ගෙන් ප්‍රශ්න ගොඩයි… පාසල් කාමරයේ හුණු දූවිලි...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.