• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

රනිල් ‌ලොක්කා අත වනනවා…!
අපි ඉඳගෙන බෑ බෑ කියනවා…!
එයා ඉඳන් කම් කම් කියනවා…!
අපි ඔක්කොම නෝ නෝ කියනවා..!
උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!

April 8, 2023
in Exclusive, Gurudawa
Reading Time: 4 mins read
A A
රනිල් ‌ලොක්කා අත වනනවා…!  අපි ඉඳගෙන බෑ බෑ කියනවා…!  එයා ඉඳන් කම් කම් කියනවා…!  අපි ඔක්කොම නෝ නෝ කියනවා..!  උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!
Share on WhatsAppShare on Facebook

මෛත්‍රීපාල සිරිසේන 2015 ජනාධිපතිවරණයට ශ්‍රීලනිපය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය කඩාගෙන ගොස් යූ.ඇන්.පී.යේ පොදු අපේක්ෂකයා විය. ඒ වෙලාවේ ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානය මෛත්‍රීපාලව හැඳින්වූයේ ද්‍රෝහියෙක් හැටියටය. ඒත් මෛත්‍රීපාල දින්න හැටියේ ශ්‍රීලනිපය මෛත්‍රීපාලට පක්ෂ නායකත්වය භාරදී මෛත්‍රීපාල කියන විදියට ඒ වෙලාවේ තමන්ගේ පරම දේශපාලන හතුරා වූ රනිල්ව අගමැති කරන්න පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් අරන් දුන්නේය. මෛත්‍රී-රනිල් කියන විදියට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් සම්මත කර දුන්නේය. මෛත්‍රී-රනිල් ආණ්ඩුවේ අයැවැයත් තුනෙන් දෙකකින් සම්මත කර දුන්නේය. මැති ඇමැතිකම්ද භාරගත්තේය. 2015 මහ ඡන්දයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 95ක් ලැබිණි. එයින් 43ක්ම මෛත්‍රී-රනිල් ජාතික ආණ්ඩුවට එක්විය. විපක්ෂයේ සිටියේ 52ක් පමණි.

‘මෛත්‍රී ගහපු ගේම ඇයි රනිල්ට ගහන්න බැරි…?’

රනිල් මෛත්‍රීපාල වගේ මහජන වරමකින් ජනාධිපති නොවුණත් ඔහු ජනාධිපති වූයේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී ඡන්දවලිනි. මෛත්‍රී යූ.ඇන්.පී.යේ පොදු අපේක්ෂකකම ලබාගත්තා වගේ රනිල් පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වය ලබාගත්තේය. රනිල් දින්න ගමන් හැමෝම හිතුවේ මෛත්‍රී, රාජපක්ෂවරු ඇතුළු ශ්‍රීලනිපය බයකොට පක්ෂ නායකත්වය ගත්තා වගේ රනිල් සමගි ජන බලවේගය බයකොට සමගි ජන බලවේගය විසුරුවා යූ.ඇන්.පී.ය යටතට ගනියි කියලාය. ඒ සඳහා රනිල්, මෛත්‍රී අනුගමනය කළ උපක්‍රමම අනුගමනය කළේය. සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට එරෙහිව වංචා දූෂණ ෆයිල් එළියට ගත්තේය. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ දූෂණ ෆයිල් තමා ළඟ තියෙනවා කියමින් තර්ජනය කළේය. මැති ඇමැතිකම්, වරදාන වරප්‍රසාද දෙන්න කතා කළේය. ඒත් හරීන් සහ මනුෂ ඇරෙන්න එකදු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක්වත් රනිල් ළඟට ගියේ නැත. රාජපක්ෂවරු මෛත්‍රීට බය වුණා වගේ සජිත්, රනිල්ට බය වුණේද නැත. එතැන් සිට රනිල් ආණ්ඩුවට කඩේ යන මාධ්‍ය පිල සමගි ජන බලවේගයෙන් 30ක් එනවා 40ක් එනවා කියා නිවුස් ප්ලාන්ට් කරන්න පටන්ගත්තේය. රනිල් අගමැති වී මේ මැයි මාසයට හරියටම වසරකි. මේ වසර තුළ ලංකාවේ පත්තරවල හෙඩ්ලයින් සහ මුල් පිටු බැලුවොත් ටී.වී. සහ රේඩියෝ මාධ්‍යවල නිවුස් බුලටින් බැලුවොත් පිරිලා තියෙන්නේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු රනිල්ට එකතු වෙන ගණන්වලින්ය. ඒත් තවමත් තමන් රනිල්ට එකතු වෙනවා කියලවත් කියන්නේ රාජිත සේනාරත්න පමණි. මෛත්‍රී යූ.ඇන්.පී.යේ පොදු අපේක්ෂක වන විට ශ්‍රීලනිපයේ නායකයා නොවේ. ඒත් රනිල් පොදු පෙරමුණු ඡන්දවලින් ජනාධිපති වෙන විට රනිල් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ හිටපු නායකයාය. මේ මන්ත්‍රීවරු රනිල්ව හැර ආවේ රනිල්ට කවදාවත් ජනාධිපති වෙන්න බැහැ කියාය. දැන් රනිල් ජනාධිපති වෙලා ඔන්න මම ජනාධිපති වුණා, දැන් ඉතින් වරෙල්ලා කියන කොට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු අම්බෝ බැහැ කියයි.

ඇයි ඒ…?

හේතුව අනෙකක් නොව රනිල් එක්ක ගිහින් ඊළඟ ඡන්දෙදි මන්ත්‍රීකමත් ගහල යයි කියන බයය. මේ වැඩේ 63%ක ජන වරමකින් ජනාධිපති වූ මෛත්‍රී එක්ක ගිහින් ඇමැතිකම් ගත්ත අයටත් සිද්ධ විය. 2015 මහ මැතිවරණයේදී මෛත්‍රී එක්ක ගිහින් මෛත්‍රී-රනිල් ආණ්ඩුවේ ඇමැතිකම් ගත්ත ශ්‍රීලනිප මන්ත්‍රීවරු අන්ත පරාජයකට ලක්විය. පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් ඔවුන්ව පාර්ලිමේන්තුවට ගැනීමට සිදුවිය. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු මේ විපත හොඳ හැටි දැක්කේය. රනිල් එක්ක ගියොත් ඉල්ලන්න වෙන්නේ යූ.ඇන්.පී.යෙන් බව ඔවුන් දනී.

‘ඇයි දැන් රනිල් පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වෙනවනේ…?’

පොදුජන පෙරමුණ ඔය ලණුව මෛත්‍රීටත් දුන්නේය. ඒ කාලයේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු කිව්වේ මෛත්‍රීව ජනාධිපති අපේක්ෂකයා කරලා රාජපක්ෂ පවුල නියෝජනය කරන්න ගෝඨාභයව අගමැති අපේක්ෂක කරමු කියාය. වෙනකක් තබා මෛත්‍රීව පට්ටා ගහපු විමල්ලා සහ උදය ගම්මන්පිලලාත් ජනාධිපතිවරණය දිනන්න 50% ගන්න ශ්‍රීලනිප ඡන්ද අවශ්‍ය යැයි කියා මෛත්‍රීව ජනාධිපති අපේක්ෂක කරන යෝජනාව හැංගි හැංගී අහුමුලුවල සාකච්ඡා කළහ. මෛත්‍රී රහ කර කර මේ ලණුව කෑවාද කියනවා නම් ව්‍යවස්ථාව බල්ලට දමා රනිල්ව පන්නා මහින්දව අගමැති කළේය. මේ කාලේ මහින්ද, ගෝඨා, බැසිල්, මෛත්‍රී හමුවන්නේ මාරුවෙන් මාරුවටය. මෛත්‍රී හිතාගෙන හිටියේ පොදුජන පෙරමුණම තමන් ළඟ හිටගනී කියාය. අන්තිමේදී වුණේ ශ්‍රීලනිපය මෛත්‍රීටත් හොරෙන් ගොස් පොදුජන පෙරමුණ ළඟ හිටගැනීමය.

‘රනිල්ටත් වෙන්නේ ඒකද…?’

ඒක රනිල් සහ රනිල් වටේ ඉන්නා යූ.ඇන්.පී.කාරයෝ නොදන්නවා වුණාට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු දනී. අනෙක සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ශ්‍රීලනිපයේ හෝ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු වගේ නොවේ. ඔවුන්ට ලැජ්ජා බය තිබේ. ඔවුන්ට රනිල්-රාජපක්ෂ ආණ්ඩුවට එකතු වෙන්න හිරිකිතය. මෛත්‍රී ජනාධිපති වෙලා මේ මන්ත්‍රීවරුන්ටත් සජිත් ප්‍රේමදාසටත් රනිල් නැතුව ආණ්ඩුවක් හදමු කියා පින්සෙණ්ඩු විය. ඒත් ඔවුන් ඒ වැඩේට කැමැති වූයේ නැත. ඔවුන්ට අගමැතිකම් මැති ඇමැතිකම්වලට වඩා ආත්ම ගෞරවය ලොකු විය. ගෝඨාභය අරගලය වෙලාවේ සජිත්ට අගමැතිකම දෙන්න කතා කළ විට සජිත් සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු නොගියේ මිනිස්සු හිනාවෙයි කියලා ලැජ්ජාවෙන්ය. ශ්‍රීලනිපයට හෝ පොදුජන පෙරමුණට එහෙම ලැජ්ජාවක් නැත. නැතිනම් ඔවුහු තමන්ව පරාජය කොට තම පොදු සතුරා වූ යූ.ඇන්.පී.ය එක්ක එකතු වුණු මෛත්‍රීගේ නායකත්වය පිළිගත්හ. වසර 30ක් තිස්සේ තමන් කොටියා, මහබැංකු හොරා, දේශද්‍රෝහියා, රාජ්‍ය සම්පත් විකුණගෙන කන්නා කී රනිල්ගේ නායකත්වය පිළිගත්හ. ඔවුන් මැති ඇමැතිකම්වලට තම හොරකම් වහගන්න රනිල්ව පිළිගත්තාට පොදුජන පෙරමුණු පාක්ෂිකයන් රනිල්ව පිළිගෙන නැත. පොදුජන පෙරමුණු පාක්ෂිකයන් මෛත්‍රී ව්‍යවස්ථාව බල්ලට දමා මහින්දව අගමැති කළ වෙලාවේත් මෛත්‍රීව පිළිගත්තේ නැත.

‘මහින්ද මහත්තයා මෝඩ වැඩක් කරගත්තේ…’

ඔවුහු කීහ. ඔවුන් ඒ තරමට මෛත්‍රීට වෛර කළහ. අද පොදුජන පෙරමුණු පාක්ෂිකයන් අපි මාලිමාවට කිය කියා ජවිපෙට යන්නේ රනිල් සහ රනිල්ව ජනාධිපති කළ රාජපක්ෂවරු සමග වෛරයෙන්ය.

සමගි ජන බලවේගයේ පාක්ෂිකයන්ටත් හැදිලා තියෙන්නේ මේ ලෙඩේමය. ඔවුන් තමන් ආගමක් වගේ අදහපු යූ.ඇන්.පී.ය අතහැර සජිත් එක්ක ආවේ රනිල්, රාජපක්ෂවරු සමග ඩීල් එකක් තියෙන බව ඉවෙන් දැනගෙනය. දැන් ඒ ඩීල් එක ඇස්පනාපිටම ඔප්පු වී තිබේ. ඔවුන්ට රනිල්ව පේන්නේ එදා පොදුජන පෙරමුණු පාක්ෂිකයන්ට මෛත්‍රීව පෙනුණා වගේය.

‘රාජපක්ෂවරු ඉවර කරගන්න තිබුණු චාන්ස් එක රනිල් නැති කළා….’

සමගි ජන බලවේගයේ පාක්ෂිකයන් හිතන්නේ එහෙමය. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ වටේ ඉන්න හෙංචයියෝ මන්ත්‍රීවරයා ඇමැතිකමක් අරගෙන ඒ ඇමැතිකමෙන් ගොඩ යන්න හිතුවත් පාක්ෂිකයන් එහෙම හිතන්නේ නැත. 2018 තමන් පත්කරපු ජනාධිපති මෛත්‍රී තමන්ගේ පක්ෂ නායකයාව බෙල්ලෙන් අල්ලලා එළියට දමපු වෙලාවේ නායකයාගේ මොන අඩුපාඩු තිබුණත් නායකයා එක්ක හිටගත්තේ ඔවුන් අවුරුදු 30ක් විපක්ෂයේ ඉඳලා ගෙවල් ගිනිතියාගෙන රස්සා නැතිකරගෙන සටන් කරලා ගත්ත පන්නරය නිසාය. තමන්ගේ හිටපු නායකයා ජනාධිපති වෙලා අයි.එම්.එෆ්. ලෝන් එක අරන් තෙල් අඩු කරලා, ගෑස් අඩු කරලා මැජික් පෙන්නුවත් ඔවුන් සජිත් සහ සමගි ජන බලවේගය සමග ඉන්නේ 2018 රනිල් එක්ක හිටියා වගේය.

හොඳයි රනිල්, සජිත්ව අගමැති කළොත්…?

ඒත් සමගි ජන බලවේග පාක්ෂිකයන් රනිල් එක්ක එකතු වෙයි කියා හිතන්න බැරිය. මේ යූ.ඇන්.පී. නොහොත් සමගි ජන බලවේගය සහ ශ්‍රීලනිපය නොහොත් පොදුජන පෙරමුණු දේශපාලනය බෙදිලා තියෙන්නේ අයි.එම්.එෆ්. යනවාද, රාජ්‍ය සම්පත් විකුණනවාද කියන ආර්ථික සාධක මත නොවේ. දේශපාලන සාධක මතය. සමගි ජන බලවේගය රාජපක්ෂලාට, පොහොට්ටුවට සහ ඔවුන් සමග ඩීල් දමන යූ.ඇන්.පී.යට විරුද්ධය. පොදුජන පෙරමුණ සජිත්ට සහ ප්‍රේමදාසලාට විරුද්ධය. ඒ නිසා සජිත් ගියත් සමගි ජන බලවේග පාක්ෂිකයන් ආණ්ඩුවට යනවා බොරුය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ගම්මන්පිල ගිහින් මහින්ද එක්ක සාකච්ඡාවක් කරලා! කතා කරපු දේවල් මෙන්න! විමලුත් හරි වගේ! EXCLUSIVE

Next Post

HNB ජම්බෝ සිඟිති වෙතින් ඉතිරි කරන සිඟිත්තන්ට අවුරුදු තෑගි රැසක්…

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ළමා ආරක්ෂණ තත්ත්වය ගැන අර්බුධයක් නැති බව පැවසුවත් කාලයක් පුරා නිර්මාණය වූ බරපතල අර්බුධයක් ඇති බවත් මේ අර්බුධය නිසා අගතියට...

Read more
ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.