• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රන්ජන් අවුරුදු 4ක් ඉන්න යන හිරගෙදරට ‘මව්රට’ කලින්ම රිංගුවා

January 26, 2021
in Exclusive, Uncategorized
Reading Time: 6 mins read
A A
රන්ජන් අවුරුදු 4ක් ඉන්න යන හිරගෙදරට ‘මව්රට’ කලින්ම රිංගුවා
Share on WhatsAppShare on Facebook

මේ වන විට රන්ජන් රාමනායක සිටින්නේ පල්ලන්සේන තරුණ සිරකරුවන් විශෝධන මධ්‍යස්ථානයේය. ඒ ඔහුව සිරගත කිරීමෙන් පසු නිරෝධායනයට යොමු කිරීම හේතුවෙනි. දින 14ක නිරෝධායනයෙන් පසු ඔහු එන්නේ වැලිකඩටය. ඒ පැමිණි පසුව ඔහුට වැලිකඩ හිමිවන්නේ වයි.ඕ. ලෙස හඳුන්වන කොටසේ සිරමැදිරියකි. එය ඔහුගේ නවාතැන් පොළය. වයි.ඕ. සිරමැදිරිය විශේෂ ගණයේ සිරකරුවන් රඳවා තැබෙන්නෙකි. රන්ජන් රාමනායක සැලකෙන්නේද විශේෂ ගණයේ සිරකරුවෙක් ලෙසිනි. රන්ජන් රාමනායක බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කිරීමත් සමග ඔහුව භාර කෙරෙන්නේ බන්ධනාගාරයටය.

වැලිකඩ රෙජිස්ටර් කරයි

නිරෝධායනය සඳහා ඔහුව යොමු කිරීමට පෙර ලියාපදිංචිය සිදුවන්නේ වැලිකඩ බන්ධනාගාරය තුළදීය. සිරකරුවෙක් බන්ධනාගාරය තුළ ලියාපදිංචි කෙරෙන්නේ බන්ධනාගාරයට ඇතුළුවීමට ඇති ප්‍රධාන දොරටුවේදීමය. මුලින්ම කෙරන්නේ එම දඬුවමට අදාළ අධිකරණ බලපත්‍රය ලියාපදිංචි කිරීමය. එහිදී සිරකරුගේ නම ගම, වයස, අධ්‍යාපන මට්ටම, එතෙක් කළ රැකියාව, මෙයට පෙර සිරදඬුවම් ලබා තිබේද, ශරීරයේ ඇති විශේෂ සලකුණු , මස්, මාළු ආහාරයට ගන්නේද? නැති නම් එළවළු පමණක් ආහාරයට ගන්නේද?, යන වග ලියාපදිංචියේදී සටහන් කර ගනු ඇත. සිරකරු අංකය නිකුත් කරන්නේ අනතුරුවය. එතැන් සිට එම සිරකරුට බන්ධනාගාරය තුළදී ආමන්ත්‍රණය කෙරන්නේ ඔහුගේ නමින් නොව, සිරකරු අංකයෙනි. රන්ජන් රාමනායකටද දැන් බන්ධනාගාරය තුළදී නිලධාරීන් කතාකරන්නේ සිරකරු අංකයෙනි. බන්ධනගාරය තුළ ඔහු සම්බන්ධයෙන් කෙරන සෑම ක්‍රියාවලියක්ම සිදුවන්නේ සිරකරු අංකයෙනි.

රන්ජන් ජම්පරයට බසී

ලියාපදිංචියෙන් පසු සිරගතවන පුද්ගලයා ඔහු හැඳ සිටින ඇඳුම් පැලඳුම් සියල්ලක්ම තම සිරුරෙන් ඉවත් කළ යුතුය. ඒ වෙනුවට බන්ධනාගාරයෙන් ඔහුට ලැබෙන ඇඳුම වන්නේ ජම්පරයයි. රන්ජන් රාමනායකටද ඒ අනුව ජම්පරයක් හිමි විය. එය තවත් සිරකරුවෙක් භාවිතාකර සෝදා පිරිසිදු කළ එකක් නොව, අලුත්ම එකකි. එම ජම්පරයද කිසිදු විරෝධයකින් තොරව ඇඟලාගත් රන්ජන් සිය බොරු කොණ්ඩයනම් ඉවත්කර ගත්තේ නැත. නිරෝධායනය සඳහා ඔහු පල්ලන්සේන වෙත වැලිකඩ සිට ගමන් කරන්නේ එම බොරු කොණ්ඩයද පැලඳගෙනය. එහෙත් නැවත ඔහු වැලිකඩට එනවිට එම බොරු කොණ්ඩය ඔහුට පැලඳගෙන සිටීමට අවසරයක් හෝ ඉඩක් නැත. මුල් අවස්ථාවේදී ඔහුට ඒ සඳහා ඉඩක් ලැබී ඇත්තේ සානුකම්පිත ඉල්ලීමක් මුල්කර ගනිමිනි.

වැලිකඩට හෝ වෙනත් තැනකට

රන්ජන් රාමනායකව පල්ලන්සේනට රැගෙන යාමට පෙර යම් අසනීප තත්ත්වයකින් පෙළෙන්නේදැයි පරීක්ෂා කර බැලීමට බන්ධනාගාර වෛද්‍ය අංශය අමතක කළේ නැත. බන්ධනාගාර අධිකාරිවරයා හමුවට සිරකරු ඉදිරිපත් කෙරෙන්නේ අනතුරුවය. එහෙත් මේ වන විට රන්ජන් රාමනායක සිටින්නේ පල්ලන්සේනේ බැවින් වැලිකඩ අධිකාරිවරයා වෙත ඔහුව ඉදිරිපත් කෙරෙන්නේ නිරෝධායනයෙන් අනතුරුවය. බොහෝ විට මෙම සතිය තුළ ඔහුව වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා වෙත හෝ වෙනත් බන්ධනාගාරයකට ඉදිරිපත් කෙරෙනු ඇත.

දාන්න යන පාටිය

රන්ජන්ව කුමන වැඩ අංශයකට යොමු කෙරෙන්නේ දැයි තීරණය කරන්නේද බන්ධනාගාර අධිකාරිවරයාය. වැලිකඩ බන්ධනාගාර ස්ටෝරුවට රන්ජන්ව රැගෙන යන්නේ අනතුරුවය. වෙනත් සිරකරුවන්ට මෙන් එහිදී ඔහුටද පිඟානක්, කෝප්පයක්, අමතර ජම්පරයක්, පෙරටුවක් (ඇඳ රෙද්දක්), කොට්ටයක් සහ පැදුරක් ලැබෙනු ඇත. රන්ජන් බන්ධනාගාරයෙන් යම් දවසක නිදහස්වන තුරුම භාවිතා කළ යුතු වන්නේ මෙම භාණ්ඩ කිහිපය පමණි. අමතරව ඔහුට ලබාගැනීමට හැකියාව ඇත්තේ මෙට්ටයක් පමණි. එස්.බී. දිසානායක සිරදඬුවම් ලබමින් සිටියදී ඔහුටද මෙට්ටයක් හිමිව තිබුණි. එම මෙට්ටය කොහු මෙට්ටයකි. එස්.බී ට ලැබී තිබුණේ කොහු කැබලි එළියට පැන තිබුණු වල ගොඩැලි සහිත පැරණි මෙට්ටයකි. එහි මකුණෝ විමානයක්ය. එම මෙට්ටය ඔහු භාවිතා කර තිබුණේද භූමිතෙල් ඉස මකුණන් පලවා හැරය.
සිරකරුවන්ට බන්ධනාගරය තුළදී මෙට්ටයක් ලැබෙන්නේ සිරකරුගේ ඉල්ලීමට අනුවය. එම ඉල්ලීම කළ යුතු වන්නේද කොන්ද ආශ්‍රිත ආබාධයක් වැනි අසනීප තත්ත්වයක් මුල්කර ගනිමිනි. එස්.බී.ට මෙට්ටයක් හිමිවන්නේ කොන්ද ආශ්‍රිතව හටගත් රෝගී තත්ත්වයක් හේතුවෙනි. ඒ යැයි කියාද මෙට්ටයක් නිකුත් කරන්නේ නැත. ඊට බන්ධනාගාර වෛද්‍යවරයාගේ නිර්දේශයක් අවශ්‍යය. ඒ අනුව බලන කල රන්ජන්ටද මෙට්ටයක් ලබා ගැනීමට නම් බන්ධනාගාර වෛද්‍යවරයාගේ නිර්දේශය ඇවැසිය.

පොත් කියවන්නත් පුලුවන්

සිරකරුවන් රඳවා තැබීමට බන්ධනාගාරය තුළ විවෘත ශාලා මෙන්ම සිර මැදිරිද රැසකි. සිරකරුවන් වෙනුවෙන් එම ශාලාවල රූපවාහිනී යන්ත්‍රද සවිකර තිබේ. සිරකරුවන්ගේ දැනුම වර්ධනය කර ගැනීමට පුස්තකාලයක්ද බන්ධනාගාරය තුළ ස්ථාපිතය. දිනපතා පළවන පුවත්පත් ,සති අන්ත පුවත්පත් මෙන්ම සඟරා ආදියද අඩුවක් නොමැතිව මෙම පුස්තකාලයේ පිරී ඇත්තේය. ඊට අමතරව කියැවීමටද පොත්පත් බොහොමයකි.
සිරකරුවන් අතර සිටින උගත්, රජයේ රැකියාවල නිරතව සිටි සහ විශේෂ පුද්ගලයින් රඳවා තැබීමට විශේෂ සිරමැදිරි පහසුකම්ද තිබේ. එස්.බී. දිසානායක, ගලබොඩ අත්තේ ඥානසාර හිමි මෙන්ම සරත් ෆොන්සේකා වැනි විශේෂ ගණයේ සිරකරුවන් රඳවා තැබුවේ එම විශේෂ සිරමැදිරිවලය. රන්ජන්ටද ලැබීමට නියමිතව ඇත්තේද එවන් විශේෂ සිර මැදිරියකි. එම සිර මැදිරිවල රඳවා තැබෙන්නේ සිරකරුවන් එක් අයෙක් තිදෙනෙක් හෝ ඊට වැඩි පිරිකි. සිරකරුවන් දෙදෙනෙක් පමණක් සිරමැදිරියක රඳවන්නේ නැත.

පොදු වැසිකිළි විතරයි: නාන්න වතුර බාල්දි 2යි

කොතැනක රඳවා තැබුවත් සිරකරුවන් භාවිතා කළ යුතුව ඇත්තේ පොදු වැසිකිළි සහ ජල පහසුකම්ය. දිය නාගත යුතුව ඇත්තේ ජල පිරවූ ටැංකිවලට බාද්දියකිනි. වැසිකිළි පොදු වැසිකිළියකටත් අන්තය. ඇතැම් සිරකරුවන් වැසිකිළි භාවිතා කිරීමේදී පිරිසිදුව එය භාවිතා නොකරන බැවින් අසූචි වැසිකිළිවල තැන් තැන්වල පවා තිබෙනු ඇත. එසේම වැසිකිළි යන්නට සිදුවන්නේ ද පොලිමේ සිටය. වැසිකිළිය තුළ ජල පහසුකම් නැත. බාල්දියකට ජලය රැගෙන යායුතුය. දිගු පෝලිම් නිසා වැඩි වේලාවක් වැසිකිළිය තුළ ගත කරන්නටද බැරිය. ඒ සෙසු සිරකරුවන්ගෙන් එල්ලවන අපවාද සහ විරෝධයන් හේතුවෙනි. දිය නෑමටද ඇත්තේ සුළු වේලාවක් පමණි. බාල්දියකට දෙකකට වඩා දිය නෑමටද ඇත්තේ තරගයකි. මේ තරගය එස්.බී.ට සහ ඥානසාර හිමියන්ට නොවීය. ඒ ඔවුන්ට වැසිකිළි පිරිසිදුකර පොලිම්වලින් තොරව වැසිකිළි පහසුකම් ලබාදීමට තරම් සිරකරුවන් කාරුණිකවූ බැවිනි. ඥානසාර හිමියන්ගේ සිවුරු පවා සෝදා උන්වහන්සේට දිය නෑමට පිරිසිදු ජල පහසුකම් පවා සිරකරුවන් ලබාදී තිබුණි. රන්ජන්ටද ඒ පහසුකම් සිරගෙදරදී ලැබෙනු ඇත. ඒ ඔහුගේ රසිකයින් රැසක්ම ඔහු එනතුරු බලා සිටින බැවිනි.

නැගිටින්න ඔ්න උදේ 6ට

බන්ධනාගාරය තුළ දවස ගෙවෙන්නේ කාල සටහනකට අනුවය. සිරකරුවන් අවදි විය යුත්තේ උදෑසන 6.00 ටය. සිරමැදිරි විවෘත වන්නේ එම වේලාවටය. වැසිකිළි ගොස් මුහුණකට සෝදාගෙන පිරිසිදු වන්නට සිරකරුවන්ට ලැබෙන්නේ පැයක පමණ කාලයකි. එම කාලය අවසන් වීමෙන් අනතුරුව එම පහසුකම් ලැබෙන්නේ නැත. උදෑසන ආහාරවේල ලැබෙන්නේ උදෑසන 07.00 ටය. එය ලබා ගැනීමට තමාට හිමි පිඟානද රැගෙන පෝලිමේ යායුතුය. වැලිකඩ බන්ධනාගාරයේ බේකරියක් ක්‍රියාත්මක බැවින් උදෑසන ආහාරයට පාන් වරදින්නේ නැත. උදෑසන බොහෝ විට ලැබෙන්නේ පාන් සහ බත්ය. ඒ පරිප්පු සහ සම්බෝල සමගිනි. උදෑසන ආහාරය ගැනීමට ලැබෙන්නේ විනාඩි 30 ක පමණ කාලයක් පමණි. 7.30 වන විට සිරකරුවන් තමන්ට නියමිත පාටියේ (කර්මාන්ත අංශයේ ) සේවයට යා යුතුය. දහවල් ආහාරය ලැබෙන්නේ පෙරවරු 11.30 ටය. මස් හෝ මාළු හෝ බිත්තරයක් සමග ව්‍යංජන තුනක් දහවල් ආහාරයට වරදින්නේ නැත. එයද ලබා ගත යුතුව ඇත්තේ තමාට හිමි පිඟාන රැගෙන පොලිමේ ගොසිනි. දහවල් ආහාරය වෙනුවෙන් විවේකය ලැබෙන්නේ හරියටම පැයකි. එම කාලය හමාරවන විට නැවතත් කර්මාන්ත අංශයට යා යුතුය. එහි දෛනික වැඩ හමාර වන්නේ සවස 4.30 ටය. ඇඟපත පිරිසිදු කර ගැනීමටත් ශරීර කෘත්‍යයන් ඉටුකර ගැනීමටත් ලැබෙන්නේ විනාඩි 30 ක පමණ කාලයකි. සවස 5.00 වන විට රාත්‍රී ආහාරවේල සිරකරුවන්ට හිමිවනු ඇත.

කන්න තියෙන දේවල්

රාත්‍රී ආහාරයට ලැබෙන්නේ බත්ය. දහවල මෙන් ව්‍යංජන ගොන්නක් එහි නැත. එය සරළ ආහාර වේලකි. එම ආහාර වේල සිරමැදිරියට රැගෙන ගොස් පසුව ආහාරයට ගැනීමට හැකියාවක් සිරකරුවන්ට ඇත්තේය. රාත්‍රී ආහාරය වෙනුවෙන් සිරකරුවන්ට ලැබෙන්නේ විනාඩි 30 කි. එම කාලය අවසන්වන විට සිරකරුවන් සිරමැදිරිවලට යොමු කිරීමට පෝලිම් කෙරෙන්නේ සවස 5.30ටය. අනතුරුව සිරකරුවන් ගණනය කිරීමකින් පසු සිරමැදිරි සහ ශාලාවන් වෙත යොමු කෙරෙන්නේ සවස 6.00 ටය. අනතුරුව එම සිරමැදිරිවලට සහ ශාලාවන්වලට දැමෙන ඉබි යතුරු නැවත ඇරෙන්නේ පසුදින උදෑසන 6.00ටය. ඒ කාලය තුළ යම් ශරීර කෘත්‍යයක අවශ්‍යතාවක් මතුවුවහොත් එය ඉටුකර ගත යුතුව ඇත්තේ සිරමැදිරිය තුළ හෝ ශාලාව තුළ ඇති බාල්දියකටය. එම බාල්දි සිරකරුවන් විසින් තම අවශ්‍යතාව අනුව තබාගන්නා ඒවාය. රාත්‍රී ආහාරවේල සිරමැදිරිය තුළ භාවිතයට ගන්නා සිරකරුවන්ද ආහාර ගැනීමෙන් පසු ඉඳුල් සෝදන්නේද එසේ සිරමැදිරිවල තබා ගන්නා බාල්දිවලටය.
සිරකරුවන්ට නිදා ගැනීමට වේලාව නියම කර ඇත්තේ රාත්‍රී 9.00 ටය. විදුලි ආලෝකය නිවා දැමෙන්නේ එම වේලාවටය. සවස 6.00 සිට රාත්‍රී 9.00 දක්වා සිරකරුවන්ට රූපවාහිනිය නැරඹීමටත් පොත්පත් කියැවීමටත් අවස්ථාවක් ඇත්තේය.
සිරකරුවන්ට තමන් කැමැති ආගමක් ඇදහීමටත් ආගමික කටයුතුවල නිරත වීමටත් බන්ධනාගාරය තුළ අවස්ථාව හිමිව ඇත. පොහෝ දිනවල බණ භාවනා වැඩසටහන්ද අනෙකුත් ආගමික දිනවල එම ආගමික වැඩසටහන්ද ක්‍රියාත්මකය. එසේම සිරකරුවන්ගේ ගිහි පිරිත් කණ්ඩායමක් තිබීම විශේෂිතය.

හම්බවෙන්න පුළුවන් අය

සිරකරුවෙකු මුණගැසී ඔහු හා කතාබහ කිරීමට ඥාතීන්ට අවස්ථාව ලැබෙන්නේ මසකට එක් වරක් පමණි. රක්ෂිත බන්ධනාගාර ගත කල රැඳවූවන්ට මෙන් දිනපතා සිරකරුවන්ව මුණ ගැසෙන්නට මෙන්ම ආහාර පාන ගෙනවිත් දීමට අවස්ථාවක් සිරකරුවන්ට නොලැබේ. මසකට වරක් පවා සිරකරුව මුණගැසීමටද අවස්ථාව ඇත්තේ තිදෙනෙකුට පමණි. එම සිරකරු මුණ ගැසී කතාබහ කිරීමට පවා ලැබෙන්නේ පැය භාගයක් වැනි කෙටි කාලයකි. එම කතාබහ කෙරෙන්නේද විශේෂිත වූ ස්ථානයකදීය. ඒ බන්ධනාගාර නිලධාරීන්ගේ අධික්ෂණය ඇතිවය. එම අවස්ථාවේදී පවා සිරකරුට ආහාරපාන ලබාදීම තහනම්ය. දන්තා ලේප, දත්බුරුසු, සබන් ආදිය පමණක් ලබාදීමට යම් අවස්ථාවක් ලබාදී තිබේ. එහෙත් නිදහස්, වෙසක්, හජ්ජි, අලුත් අවුරුදු, තෛපොන්ගල්, රාමසාන්, නත්තල්, ආදී විශේෂ උත්සව දිනවලදී සිරකරුවන්ගේ ඥාතීන්ට සිරකරුවන් මුණගැසීමටත් ආහාර ලබාදීමටත් අවස්ථාවක් ලබාදී ඇත. ඒ හැරුණු කොට යම් සිරකරුවෙක් අසනීප තත්ත්වයකින් පෙළෙන්නේ නම් බන්ධනාගර රෝහල් වෛද්‍යවරයාගේ නිර්දේශ මත බන්ධනාගාර රෝහලේදී හෝ ඉන් පිටත රෝහලකදී ප්‍රතිකාර ගැනීමට අවස්ථාවක් හිමිය. එස්.බී. දිසානායක මෙන්ම ඥානසාර හිමියන්ද ඒ අවස්ථාව එකල ලබාගත්තේය. එසේම වෛද්‍ය නිර්දේශ මත දෛනික ආහාර වට්ටෝරුවෙන් එහා යමින් විශේෂ ආහාර ලබාගැනීමේ අවස්ථාවද සිරකරුවන්ට හිමිවනු ඇත.

ජනපති සමාවක් ලැබෙයිද?

බන්ධනාගර ගතවූ මොහොතේ සිටම සෑම සිරකරුවෙකුගේම හැසිරීම පිළිබඳව බන්ධනාගර අධිකාරිවරයා විසින් ලේඛනයක් පවත්වාගෙන යනු ලැබේ. හොඳ හැසිරීම මත සෑම සිරකරුවෙකුගේම දඬුවම් කාලය තුනෙන් එකකින් අඩුවනු ඇත. එය පොදු සමාවකි. ඒ අනුව වසකරට සිරදඬුවම් ලබන සිරකරුවෙකුට මාස 08 කින් නිදහස ලැබෙනු ඇත. ඒ අනුව ජනාධිපති පොදු සමාවකින් රන්ජන් රාමනායකට නිදහසක් උරුම නොවුනොත් ඔහුට නිදහස උරුම වන්නේ වසර දෙකහාමාරකට පසුවය.

රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

ගෝඨාට එරෙහිව සජිත්: දෙන්නාම තැන තැන තියන් යන මොකද්ද මේ ජංගම සේවාව?

Next Post

රනිල් නායකත්වයෙන් යන්න ඕනෑ කියා මා කීවේ නෑ: රවිගෙන් විශේෂ නිවේදනයක්

MORE NEWS

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

යාපනය – වවුනියාව බස් එකක් ඇතුළේ විශාල නයෙක්! මගීන් බසයෙන් බැස සීසීකඩ දුවයි! Sri Lanka Latest News
Exclusive

කැළණියේ නයා මදිවාට මෙන්න තවත් නයෙක්! VIDEO I Sri Lanka Latest News

දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

Load More
මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

සරණ ගුණවර්ධන හිටපු අමාත්‍යවරයා සිරගත කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කළ මාධ්‍යවේදියා හට අද පැවැති මාධ්‍ය හමුවේදී වරුණ රාජපක්ෂ මහතා දුන්නේ මෙවැනි...

Read more
පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

යාපනය – වවුනියාව බස් එකක් ඇතුළේ විශාල නයෙක්! මගීන් බසයෙන් බැස සීසීකඩ දුවයි! Sri Lanka Latest News

කැළණියේ නයා මදිවාට මෙන්න තවත් නයෙක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.