ඉදිරි මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අගමැති අපේක්ෂකත්වය බාර නොගැනීමට කරු ජයසූරිය මහතා තීරණය කර ඇති බව ඒ මහතාට සමීප ආරංචි මාර්ග සදහන් කරයි.
කරු ජයසූරිය මහතා අගමැති අපේක්ෂකයා වශයෙන් නම් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බවට පළව ඇති මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් කරනු ලැබ ඇති විමසීමකට අනුව ඒ මහතා මේ බව සිය හිතවතුන්ට දැනුම් දී තිබේ.
එහිදී වැඩිදුරටත් ජයසූරිය මහතා ප්‍රකාශ කොට ඇත්තේ තමන් කිසිසේත්ම බෙදුණු පාර්ශ්වයකට නායකත්වය දීමට සූදානම් නොමැති බවත්, තමන් මධ්‍යස්ථව සිටීමට කටයුතු කරන බවත්ය.
ඊයේ (01) රාත්‍රී පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් පසු වික්‍රමසිංහ මහතා තමන්ට හිතවත් මන්ත්‍රීවරුන්ට ප්‍රකාශ කොට තිබුණේ තමන්ට අගමැති අපේක්ෂකත්වය ලබා ගත නොහැකි බවත්, කරු ජයසූරිය මහතා ඒ සදහා නම් කිරීමට තමන් කටයුතු කරන බවත්ය.








