• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් තරුණ කණ්ඩායමක් හමුවෙයි!

February 19, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
රනිල් තරුණ කණ්ඩායමක් හමුවෙයි!
Share on WhatsAppShare on Facebook

මැතිවරණයකදී අපේක්ෂකයෙකුට වැඩි මුදලක් වැය කිරීමට සිදු නොවන නව මැතිවරණ ක්‍රමයක් සකසා ගන්නේ කෙසේ දැයි සොයා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සහ ඉදිරි සැලසුම් පිළිබඳ පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී තරුණ කණ්ඩායමක් සමඟ පැවති හමුවකදී ය.

රජයේ ප්‍රතිපත්ති පිළිබඳව අදහස් පළ කරමින් මෙම තරුණ පිරිස රටේ ප්‍රධාන පුවත්පතක ලිපියක් පළ කර තිබූ අතර, ඒ පිළිබඳ පසු විපරම් සාකච්ඡාවක් සඳහා එම ලිපිය ලියා පළ කළ තරුණ මාධ්‍යවේදිනියන් දෙදෙනා වන අනොෂ්කා ජයසූරිය සහ ෂැනොන් සල්ගාදු සමග තමා හමු වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම තරුණ පිරිසට ආරාධනා කර තිබිණි.

මෙම හමුව ජනාධිපතිවරයාට තරුණයන්ගේ අදහස්වලට සවන් දීමටත් රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡා කිරීමටත් අවස්ථාවක් වූ අතර මෙහිදී තරුණ කණ්ඩායම ඔවුන්ගේ ගැටළු සහ අදහස් ප්‍රකාශ කළහ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන්ගේ ප්‍රශ්නවලට සහ අදහස්වලට සවන් දී ඒවාට පිළිතුරු ලබා දුන්නේය.

පාසල් මට්ටමින් නිසි මානසික සෞඛ්‍ය අධ්‍යාපනයක් අවශ්‍ය බවත්, ආබාධ සහිත පුද්ගලයින් සඳහා විධිමත් අධ්‍යාපන යාන්ත්‍රණයක් අවශ්‍ය බවත් තරුණ කණ්ඩායම අවධාරණය කිරීමත් සමඟ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින අඩුපාඩු මෙහිදී සාකච්ඡාවට බඳුන් වූ ප්‍රධාන මාතෘකාවක් විය.

පාසල් තුළ මානසික සෞඛ්‍ය පිළිබඳ දක්වන අවධානය ප්‍රමාණවත් නොවන බවද මානසික සෞඛ්‍ය ගැටලු ඇති අය සහ ආබාධිත පුද්ගලයන් සම්බන්ධයෙන් බොහෝ දේ කළ යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී පිළිගත්තේය. කෙසේ වෙතත්, රට මුහුණ දෙන ප්‍රධාන ගැටළුවක් වන්නේ මෙම ක්ෂේත්‍රය සඳහා පුහුණු පුද්ගලයින් නොමැතිකම බව සඳහන් කළ ජනාධිපතිවරයා ඉදිරියේ දී එය මඟහරවා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව පැවසිය.

බොහෝ රටවල බදු යනු නව සංකල්පයක් නොවුණත් ශ්‍රී ලංකාවේ එය එසේ නොවන බව බදු ගැටළුව ගෙන හැර පාමින් තරුණ පිරිස ප්‍රශ්න කළහ.

රජයේ අයවැය නිසි ලෙස ක්‍රියාත්මකවීම පිළිබඳ පාර්ලිමේන්තුවට සොයා බැලිය හැකි අතර ඒ සඳහා කමිටු ගණනාවක් පත්කර ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා අයවැය විමර්ශනය කිරීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව සහ රාජ්‍ය මූල්‍ය කාරක සභාව වැනි බොහෝ කමිටු ඇති බවත් එම ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා පාර්ලිමේන්තු අයවැය කාර්යාල පනත් කෙටුම්පත ගෙන එන බවත් පැවසීය.

නව බදු පැනවීම් විශාල ප්‍රශ්නයක් බවත් ජනතාවට එය තදින් දැනෙන්නේ ඔවුන්ගේ වැටුපෙන් හදිසියේම විශාල කොටසක් ගෙවීමට සිදු වීම නිසා බවත් තරුණ පිරිස ජනාධිපතිවරයාට පෙන්වා දුන්හ.
ඒ පිළිබඳ අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසීය.

“විශාල අයවැයක් තුළ සියල්ල ක්‍රමානුකූලව වෙන්කර ඇති නිසා විනිවිදභාවය තිබෙනවා. ඕනෑම අයවැයක් තුළ, මුදල් ක්‍රමානුකුලව වියදම් කිරීම සහතික කරන්නේ පාර්ලිමේන්තුවයි. ඒ නිසා පාර්ලිමේන්තුව දැන් බලතල ක්‍රියාත්මක කළ යුතුයි. මම හිතන්නේ විපක්ෂය පසුගිය වතාවේත් අධීක්ෂණ කාරක සභාවල සභාපති පුරප්පාඩුවට ඔවුන්ගේ කෝටාව පිරෙව්වේ නැහැ. මෙවර තේරීම් කාරක සභාවේ කටයුතු සඳහා පාර්ලිමේන්තුවට පැමිණ තිබුණෙත් නැහැ. නමුත් මම හිතන්නේ ඉතිරි අය, ඒ සඳහා විරුද්ධ පක්ෂයෙන් නම් කිහිපයක් ලබා දුන්නා. එය තමයි විනිවිදභාවය. වියදම් සහ අනිකුත් කරුණු පිළිබඳ ඒ අනුව ඔවුන්ගෙන් විමසා දැන ගත හැකියි.
ශ්‍රී ලංකාව අසාමාන්‍ය ආර්ථික තත්ත්වයක පවතින බවත් එයින් ගොඩ ඒම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සිදුව ඇති බවත් සඳහන් කළ ජනාධිපතිවරයා රටේ ආර්ථික තත්ත්වය සහ රජය මුහුණ දෙන අභියෝග පිළිබඳව ද මෙහිදී තරුණ පිරිස සමග සාකච්ඡා කළේය.
විදුලි බිල ඉහළ දැමීම වැනි වෙනත් ක්‍ෂේත්‍රවලින් යම් යම් වියදම් කපා හැරීමට සහ මුදල් සොයා ගැනීමට රජයට සිදු වූ බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එය පහසු කාර්යයක් නොවන නමුත් කවුරුන් හෝ එය කළ යුතු බව පෙන්වා දුන්නේය.
ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා
“ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වන විට ඉතා අසීරු තත්ත්වයකට පත්ව තිබෙනවා. අපි එයින් මිදෙන්න අවශ්‍යයයි. එයින් ගැලවීමට නම් ණය ප්‍රතිව්‍යුහගත කළ යුතුයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමට නම් අපේ වියදම් කපා හැරීමට හෝ ඒ සඳහා මුදල් සොයා ගැනීමට අපට සිදු වෙනවා. ඇතැම් අංශ වලින් අපි එහෙම කළා. නමුත් ඇතැම් අංශ වලට අපි මුදල් සොයා ගන්න අවශ්‍යයි. පසුගියදා අපිට විදුලි බිල වැඩි කරන්න සිදු වුනේ ඒ නිසයි. එලෙස සිදුකළත් තවමත් විදුලිබල මණ්ඩලය පාඩු ලබනවා. මෙයට වෙන විකල්පයක් නෑ. නැත්නම් අපිට ඉන්න වෙන්නේ විදුලිය නැතුව. අපිට ඉක්මනින් මේ තත්ත්වයෙන් මිදෙන්න අවශ්‍ය නම් සමහර දේවල් අකමැත්තෙන් වුවත් කළයුතුව තිබෙනවා.
පුද්ගල වගවීම පිළිබඳ ප්‍රශ්නය ද මෙහිදී තරුණ කණ්ඩායම මතු කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට යම් අධ්‍යාපනයක් තිබිය යුතු බවට යෝජනා කළහ.
ජනාධිපතිවරයා ඊට එකඟ වූ නමුත් මෙය සිදුවීමට යම් කාලයක් ගතවනු ඇති බව සඳහන් කළේය. බොහෝ තරුණ පුද්ගලයින්ට උපාධියක් හෝ ව්‍යාපාර පළපුරුද්දක් ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තෝරා පත් කර ගැනීම ඡන්දදායකයින් සතු කාර්යයක් බව සිහිපත් කළේය.

“පුද්ගල වගවීම පිළිබඳ සැලකීමේදී ඔබට මනාපයක් දිය හැකි ක්‍රමයක් තිබෙනවා. ඒ එක්කෙනෙක්වත් අවශ්‍ය නැත්තම් පක්ෂයට ඡන්දය ලබා දී තමන්ට අවශ්‍ය පුද්ගලයා තෝරා ගත හැකියි.
කෙසේ වෙතත් එම ක්‍රියාවලියට විශාල මුදලක් වැය කිරීමට සිදු වෙනවා. ඒ නිසා අධික වියදමක් සිදු නොකර වඩා හොඳ මැතිවරණ ක්‍රමයක් සකසා ගන්නේ කෙසේ ද කියා සොයා බැලීමට කමිටුවක් පත් කිරීමට අවශ්‍යයි.
පාර්ලිමේන්තු මැතිවරණයකදී මුදල්වලින් වැඩි ප්‍රමාණයක් වියදම් කරන්නේ එක් එක් අපේක්ෂකයන් මිස පක්ෂවලින් නොවෙයි.” යැයි ද ජනාධිපතිවරයා පැවසීය.
පාර්ලිමේන්තු සභා ගර්භයේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම පිළිබඳ මෙහිදී නැගු ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජනාධිපතිවරයා කියා සිටියේ ඇතැම් මන්ත්‍රීවරු එය මාධ්‍ය අවධානය ලබා ගැනීමේ අරමුණින් සිදු කරනවා විය හැකි බවයි.
කෙසේ වෙතත් එවැනි ක්‍රියාවන් සුදුසු නොවන බව සඳහන් කළ ජනාධිපතිවරයා වෙනත් රටවලද මෙවැනි හැසිරීම් තමන් දැක ඇති අතර එය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික නොවන බව වැඩිදුරටත් සඳහන් කළේය.
නමුත් එක්සත් රාජධානිය වැනි රටවල මෙවැනි තතත්වයක් දක්නට නොමැති බව පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා මෙවැනි ක්‍රියාවන් පාලනය කළයුතු බව වැඩිදුරටත් පැවසීය.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-02-19

SendShareShare
Previous Post

හිටපු මුදල් ඇමැති ඉරාන්ගෙන් බරපතළ ප්‍රකාශයක්! ඡන්දය කල් දැම්මොත් ජාත්‍යන්තරයෙන් ලොකු ප්‍රශ්නයක් එනවා! ඒගොල්ලො බලාගෙන ඉන්නේ! මුදල් අමාත්‍යංශයෙ නිලධාරීන්ටත් බරපතළ අවවාදයක්! VIDEO

Next Post

රනිල් මිනිස්සුන්ට වෛර කරන්නේ ඇයි? ලයිට් බිල වැඩි කිරීම පිටුපස ඇත්තම කතාව -අනුර! ඇයි මේ කලබලේම ඇවිත්! VIDEO

MORE NEWS

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

Load More
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක් බවත්, එය ගෙවීමට ජනතාවට සිදුවනු ඇති බවත් මුදල් කමිටු ලේකම් හර්ෂ ද...

Read more
තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.