එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඩුබායි රාජ්‍යය බලා පිටත්ව යාම සදහා මේ වනවිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව අද (04) රාත්‍රියේ ඩුබායි බලා පිටත්ව යන ඒ මහතා සිකුරාදා අලුයම් කාලයේ නැවත ලංකාවට පැමිණීමට නියමිතය.
අද උදෑසන සිටම වික්‍රමසිංහ මහතා ඩුබායි රාජ්‍ය බලා පිටත්ව යාමට නියමිත බවට දේශපාලන ක්ෂේත්‍රයේ විශාල රාවයක් පැතිර ගොස් තිබූ අතර ඒ කුමන කරුණක්ද යන්න සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී තිබුණේ නැත.
කෙසේවෙතත් එසේ පැතිර ගිය තවත් කටකතාවකින් කියවුණේ එක්තරා විශේෂ පුද්ගලයකු මුණගැසීම සදහා මෙසේ වික්‍රමසිංහ මහතා ඩුබායි රාජ්‍යය බලා පිටත්ව යන බවකි.








