පක්ෂ නායකත්වය කරු ජයසූරිය මහතාට ලබා දී වත්මන් අර්බූදය විසදාගැනීමට සජිත් ප්‍රේමදාස මහතා එකගතාව පළ කර තිබුණද රනිල් වික්‍රමසිංහ මහතා ඊට සිය අකැමැත්ත ප්‍රකාශ කොට ඇති බව වාර්තා වේ.
එක්සත් ජාතික පක්ෂය තුළ මතුව ඇති අර්බුදය විසදීම සදහා වික්‍රමසිංහ මහතා විසින්ම මැදිහත්කරුවකු වශයෙන් පත් කළ රාජිත සේනාරත්න මහතාට වික්‍රමසිංහ මහතා මේ බව දැනුම් දී ඇති බව දැනගන්නට තිබේ.
මේ සම්බන්ධයෙන් මාතෘකාව ඇදී ඒමෙන් පසු රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඊයේ (03) පෙරවරු 10ට පමණ කරු ජයසූරිය මහතා මුණ ගැසී ඔහුගේ නායකත්වය යටතේ ඉදිරියට යාමට ප්‍රේමදාස මහතා එකගතාව පළ කොට ඇති බව දෑනුම් දී ඇත.
එමෙන්ම රාජිත සේනාරත්න සහ සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැති සාකච්ජාවකදීද ප්‍රේමදාස මහතා කියා ඇත්තේ ජයසූරිය මහතාගේ නායකත්වය යටතේ කටයුතු කිරීමට තමන් සූදානම් බවකි.
මේ බව සේනාරත්න මහතා පසුව වික්‍රමසිංහ මහතාට දැනුම් දීමෙන් පසු, සියලුම බලතල ජයසූරිය මහතාට පැවරීමට තමන්ට හැකි බව ප්‍රකාශ කොට ඇති වික්‍රමසිංහ මහතා නායකත්වය අත්හැරිය නොහැකි බව ප්‍රකාශ කොට ඇති බවද දැනගන්නට ඇත.








