හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉලක්ක කර පොහොට්ටුවෙන් විශාල ප්‍රහාර මාලාවක් දියත් කිරීමට මේ වනවිට සැලසුම් සකස් වෙමින් පවතින බව දැනගන්නට තිබේ.
මෙම ප්‍ර්‍රහාර මාලාවේ අරමුණ වී ඇත්තේ සිරිසේන මහතාට පොහොට්ටුවෙන් නාමයෝජනා නොදී පොලොන්නරුවෙන් තනිවම තරග වැදීමට කටයුතු සැලැස්සවීම බව වාර්තා වේ.
පසුගිය සතියේ සිරිසේන මහතා විසින් සිදු කළ උකුසු කතාව සහ අන් කූඩුවල බිත්තර දැමීමේ කතාව මේ සදහා බලපා ඇති බව දැනගන්නට තිබේ.
ඒ අනුව ඊයේ දිනයේ වීශේෂ ප්‍රකාශයක් කරමින් පොලොන්නරුවේ රොෂාන් රණසිංහ මහතා කියා සිටියේ අපේ කූඩුවේ බිත්තර දැමීමට තමන් සිරිසේන මහතාට ඉඩ නොදෙන බවත්, අලුතින් කූඩුවක් සාදාගෙන එහි බිත්තර දැමීමට සිරිසේන මහතා කටයුතු කළ යුතු බවත්ය.
එමෙන්ම විමල් වීරවංශ මහතාද ඊයේ සිරිසේන මහතාට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරමින් කියා සිටියේ පාස්කු සංහාරයට සිරිසේන මහතාද වගකිව යුතු බවකි.