සර්ව පාක්‍ෂික ආණ්ඩුවකට සිය දායකත්වය ලබානොදෙන බව ජාතික ජනබලවේගය පවසනවා.
එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ සර්ව පාක්‍ෂික ආණ්ඩුවේ කාර්යභාරය සහ එහි නිශ්චිත කාලරාමුව පිළිබදවද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සිදුකළ සිය දේශණයේදීද සදහන් නොකළ බවයි.










