ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රාජාසන කතාව ඉදිරිපත් කිරීමේ අවස්ථාවට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් තිදෙනාද අද දින සහභාගී වී සිටියේ නැත.
ඊයේ දින ඔවුන් පැමිණෙන බව දැනුම් දී තිබුණත් අද එම පක්ෂයේ කිසිවකුත් ඊට සහභාගී වී නොසිටීම විශේෂ සිදුවීමකි.
පසුගිය දිනෙක විජිත හේරත් මන්ත්‍රීවරයා සිරස නාළිකාවට කියා සිටියේ තම පක්ෂය අද දින පාර්ලිමේන්තුවට පැමිණෙන බවකි.










