සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති වෘත්තීය සමිති රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට විරෝධය පළ කළ එම පක්ෂයේ වෘත්තීය සමිති නියෝජිතයන් සියල්ලම පාහේ මේ වනවිට සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගය පක්ෂ කාර්යාලයේ රැස්වී ඇති බව දැනගන්නට තිබේ.
එහිදී ඔවුන් පෙන්වා දී ඇත්තේ තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතා යටතේ පවතින එක්සත් ජාතික පක්ෂය සමග වෘත්තීය සමිති කළ නොහැකි බවත්, ඒ සියල්ලම පසුගිය කාලයේ දි හෙංචයියන්ට බාර දී විනාශ කළ බවත්ය.
ඒ අනුව ඉදිරියේදී සමගි ජන බලවේගය සමග එක්ව එජාප වෘත්තීය සමිති කටයුතු සිදු කරන බවද එම වෘත්තීය සමිති නියෝජිතයන් පෙන්වා දී ඇත.










