අද (ජූලි 9) පස්වරුවේ අග්‍රාමාත්‍යවරයාගේ නිවස අසල පැවති විරෝධතාවය වාර්තා කරමින් සිටි Newsfirst මාධ්‍යවේදීන්ට පහර දීම් සිදුකළ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසීය.
එමෙන් ම, අදාළ පහර දීම සිදුකළ පොලිස් නිලධාරීන්ට එරෙහිව විශේෂ පරීක්ෂණයක් පවත්වා ඔවුන්ට එරෙහිව විනයානුකූල පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයා උපදෙස් දී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.










