හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී අපේක්ෂකත්වයෙන් හා එම පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් වී තිබේ.
එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යවමින් ඔහු තම ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් දැනුවත් කර ඇති අතර අදාළ ලිපියේ පිටපතක් එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා වෙත ද යොමු කර ඇති බවද දැනගන්නට ඇත.










