ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ පැය 07ක පමණ කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන්කරගෙන තිබේ.
ඒ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ කොල්ලුපිටිය පස්වන පටුමගේ පිහිටි නිවස ගිනි තැබීමට අදාල විමර්ශනයන්ට අදාලවය.
මීට අමතරව හිටපු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මීයගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තතමේන්තුව අද මේ පිළිබදව ප්‍රශ්න කළේය.
ඒ එදින එම නිවස ගිනි තැබීම සිදුවීමට පෙර නිවස ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීම සහ එම ස්ථානයට පිරිස් කැදවීම සම්බන්ධයෙනි.










