විරෝධතා මර්දනය සඳහා ආරක්ෂක අංශ විසින් භාවිත කරනු ලබන කඳුලු ගෑස් නවතා දමන ලෙස ස්විට්සර්ලන්තයේ පිහිටි ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ශ්‍රී ලංකාවට දැනුම්දී තිබේ.
ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන විරෝධතා මර්දනයට යොදන කඳුලු ගෑස් සහිත උණ්ඩ ඇස්වලට හානිදායක විෂ රසායනික ද්‍රව්‍යයක් සහිත දෙයක් බවය එම කවුන්සිලය දැනුම්දී ඇත.
එමෙන්ම මෙරට පොලිසියට කඳුලු ගෑස් අලෙවි කිරීම සිදු කර ඇත්තේ ද බටහිර රාජ්‍යයන් විසින් බවට ද අනාවරණ වී තිබේ.
මෙරට තුළ ඇති වන විරෝධතා මැඩලීමට සෑම අවස්ථාවකදීම අවම බලය යැයි පවසා කඳුලු ගෑස් ප්‍රහාර විරෝධතාකරුවන්ට එල්ල කිරීමට පොලිසිය ක්‍රියා කරන බැවින් එහිදී බොහෝ විරෝධතාකරුවන්ට එම කඳුලු ගෑස් වැදුණු පසු දෑස් හැර ගැනීමට නොහැකිව ඇද වැටෙන අවස්ථා, ක්ලාන්තව රෝහල්ගත කරන අවස්ථාව ද බොහෝ විට වාර්තා වී තිබේ.









