කොළඹ මහනගර සභාව නියෝජනය කරන එජාප නගර සභා මන්ත්‍රීවරුන් 38 දෙනෙකු අද (12) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සාකච්ඡා කරනු ලැබීය.
වර්තමාන දේශපාලන තත්ත්වයත් ඒ අභියස ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු අතර එම සාකච්ඡාව අතිශයින් ඵලදායි විය.
ඉදිරියේදී සමගි ජන බලවේගය සමඟ එක්ව දේශපාලන සහ සමාජ කටයුතු කිරීමට ඔවුන් සිය පූර්ණ එකගත්වය මෙහිදී පළ කරනු ලැබීය.













