අරලියගහ මන්දිරෙ ඉදිරියේ විරෝධතාවයේ යෙදෙන විරෝධතාකරුවන් පිරිසක් අගමැති කාර්යාලය දෙසට යාමට උත්සාහ කිරීම වැළැක්වීමට පොලිසිය කටයුතු කිරීමත් සමග කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලය ආසන්නයේ උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.
එම ප‍්‍රදේශයේ විභාග මධ්‍යස්ථාන ක්‍රියාත්මක වන බැවින් විරෝධතාකරුවන්ට ඉදිරියට යාමට අවසර දිය නොහැකි බව පොලීසිය පවසා ඇත.
ඒ හේතුවෙන් විරෝධතාකරුවන් මාර්ගයෙන් බිම ඉඳගෙන විරෝධතාවයේ යෙදුණු බව වාර්තා වේ.










