• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Rajya Rahas

රනිල්ගේ ඉන්දීය සංචාරය කටමුල තියා චීනෙ ගිහින් සබ්‍රි කියපු කතාවකින් ඉන්දියාව යළි ඇවිස්සෙයි! EXCLUSIVE I රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

July 9, 2023
in Exclusive, Rajya Rahas
Reading Time: 19 mins read
A A
බැසිල්ට කුණුහරුපෙන් බැන්න විමල්ලා බැසිල් එක්කම යළි ඩීල් දැපු හැටි අතේ පත්තු වෙයි! සියඹලාපිටිය නාඩගමේදී පොහොට්ටුවයි-ස්වාධීන 40යි එකතු වෙලා ගහපු ගේම! මහින්ද දුන් ලණුවක් විමල් අමුවෙන්ම ගිලියි! රනිල්ගේ රෙදි ගැලවෙයි! ඩීල් එක හෙළිවෙයි! (රාජ්‍ය රහස්)
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුව දෙකට බෙදමින් සජිත් ගහපු ගේම!

කතානායකගේ පුතා පාර්ලිමේන්තුවෙන් එළියට එයි!

බැසිල් කැටගොඩ දාලා අදින්න යන තුරුම්පුව!

ගෙදර ගිය ගංගානිව ආයෙත් අරන් එයි!

බැංකු වහලා ගහපු ගේම!

පසුගිය සතිය පුරා රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබුණේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙනගිය වැඩපිළිවෙළය. ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේත්, අප වෙබ් අඩවිය වන අඅඅගප්අර්ඒබැඅිගකන ඔස්සේත් මෙතෙක් කිසිදු මාධ්‍යයක් වාර්තා නොකළ පුවත් සහ තොරතුරු විශාල ප්‍රමාණයක් මේ සම්බන්ධයෙන් රටට අනාවරණ කිරීමට අපි පසුගිය සති කිහිපය පුරාම පියවර ගත්තෙමු. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය හරහා බැංකුවලට, සේවක අර්ථසාධක අරමුදලට, සේවක භාරකාර අරමුදලට කිසිදු හානියක් සිදු නොවන බව ආණ්ඩුව කියා සිටිද්දී විපක්ෂය විසින් එසේ හානි සිදුවන ආකාරය පිළිබඳ කළ පැහැදිලි කිරීම්ද එහිදී අප රටට අනාවරණ කිරීමට පියවර ගත්තෙමු. එමෙන්ම සති අන්තයේ හදිසියේ පාර්ලිමේන්තුව කැඳවා දින 5ක බැංකු නිවාඩුවක් ලබාදී කොටස් වෙළෙඳපොළද වසා දමා මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව සම්මත කරගැනීමට ආණ්ඩුව සැලසුම් කළ ආකාරයද පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ රටට අනාවරණ කිරීමට අපි පියවර ගත්තෙමු.Sri Lanka Latest News

බැසිල් කලින්ම සිග්නල් එක දෙයි!

කෙසේ වෙතත් මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවට පොහොට්ටුව කුමන ආකාරයකින් ප්‍රතිචාර දක්වනු ඇතිද යන්න සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රධානීන්ටද මුලින් මුලින් යම් සැකසංකා මතු නොවුණා නොවේ. විශේෂයෙන් ජනතා අරමුදල්වලට හානියක් වනු ඇති බවට විපක්ෂය විසින් මතුකර තිබූ කාරණා හමුවේ රාජපක්ෂ පවුල සහ පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් කොයි ආකාරයකින් කටයුතු කරනු ඇද්ද යන්න එම සැකයට තුඩුදී තිබූ කාරණාව විය. කෙසේ වෙතත් ආණ්ඩුවට මතුව තිබූ සැකය පළමු වටයේදීම දුරු කර හැරීමට කටයුතු කළේ වෙන කවුරුවත් නොව බැසිල් රාජපක්ෂ මහතාය. බැසිල් පාර්ලිමේන්තුවෙන් පිටත සිටියද දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව සම්මත කර දීමේ මෙහෙයුම පසුගිය සතියේ අතට ගැනීමට පියවර ගෙන තිබිණි. ඊට පොහොට්ටු සාමාජිකයන් කැමැති කරවා ගැනීමේ මෙහෙයුම දියත් වෙද්දී බැසිල් පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම් ලවා මාධ්‍ය හමුවක් පවත්වමින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට පොහොට්ටුව එකඟ බවටත්, ඊට සහාය දක්වන බවටත් ප්‍රකාශයක් නිකුත් කිරීමට පියවර ගත්තේය. එමෙන්ම කෑලි කෑලිවලට කැඩී විසිරී තිබූ පොහොට්ටුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව හරහා එක තැනකට ගැනීමටද බැසිල්ට හැකියාව ලැබී තිබිණි.

සජබෙ කට වහයි!

කෙසේ වෙතත් ආණ්ඩුව මුලින්ම සැලසුම් කර තිබුණේ සෙනසුරාදා සහ ඉරිදා යන දෙදිනම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ විවාද කොට ඡන්දය විමසීමටය. නමුත් ඊට ප්‍රධාන විපක්ෂය වූ සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ පක්ෂවල දැඩි විරෝධය පළවීම නිසා ආණ්ඩුව තීන්දු කළේ සෙනසුරාදා දිනයේදී රාත්‍රිය වනතුරු විවාදය පවත්වා පසුව ඡන්දය විමසීමටය. ඒ අනුව කථික ලැයිස්තුව සකස් කිරීමද සිදුවූ අතර, රාත්‍රී 9 පමණ වනතෙක් කථික ලැයිස්තුව දීර්ඝ වී තිබූ ආකාරයක් දැකගන්නට ලැබිණි. සෙනසුරාදා සවස් වන විට සජබ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු මහලේකම්වරිය වූ කුෂානි රෝහණධීර මහත්මියටද කතාකොට ඒ සම්බන්ධයෙන් විමසා සිටි අතර, ඇයද කියා සිටියේ රාත්‍රී 9 පමණ තුරු විවාදය පැවැත්වෙනු ඇති බවකි.

4.30 වෙද්දිත් හිටියේ 108යි!

කෙසේ වෙතත් තත්ත්වය වෙනස් වී ගියේ පොහොට්ටුවේ මැති ඇමැතිවරුන් මේ සම්බන්ධයෙන් විරෝධය පළකර සිටීමත් සමගය. සෙනසුරාදා නිවාඩු දිනයක් වූ බැවින් පොහොට්ටුවේ මැති ඇමැතිවරුන් සිය ගම්වල විශාල වැඩ කොටසක් යොදාගෙන තිබුණු ආකාරයක් දැකගත හැකි විය. ඇතැමුන්ට විවාහ මංගල උත්සවවලට සහ වෙනත් උත්සවවලට සහභාගි වීමට තිබිණි. තවත් සමහරුන්ට කොළඹින් පිට යෑමට සිදුව තිබිණි. තවත් සමහරුන්ට රෑ බෝ වීමට ප්‍රථම සිය දිස්ත්‍රික්කවලට යෑමට අවශ්‍ය වී තිබිණි. එමනිසා සවස 4.30 පමණ වන විටත් ආණ්ඩු පක්ෂයේ අසුන්ගෙන සිටියේ මන්ත්‍රීවරු 108 දෙනකු පමණි. ඔවුහුද විටින් විට ආණ්ඩු පක්ෂයේ ප්‍රධානීන් හමුවී මේ සම්බන්ධයෙන් පැමිණිලි කළ අතර, රෑ බෝවීමට ප්‍රථම තමන්ට ගම්බිම්වලට යෑමට සිදුව ඇති බවද දැනුම් දී සිටියහ.

ඇදගෙන ගියොත් ලෙඩක්!

ඒ අනුව ආණ්ඩුවේ ප්‍රධානීන්ට වැටහී ගිය කාරණයක් වූයේ කලින් පක්ෂ නායක රැස්වීමේදී සැලසුම් කළ පරිදි රාත්‍රී 9 පමණ වනතෙක් විවාදය ඇදගෙන ගියහොත් ආණ්ඩුවේ මන්ත්‍රී සංඛ්‍යාව බොහෝ අඩුවීමට නියමිතව ඇති බවකි. ඒ අනුව කෙටි සාකච්ඡාවකින් අනතුරුව ආණ්ඩුවේ ප්‍රධානීන් තීන්දු කොට තිබුණේ විවාදය රෑ බෝවන තෙක් නොතියා හැකි ඉක්මනින් අවසන් කර ඡන්දය විමසීමටය.

සජිත්ට තොරතුර එයි!

ආණ්ඩුවේ මේ සැලසුම පිළිබඳ සෙනසුරාදා සවස් වරුව වන විට විපක්ෂනායකවරයාගේ කනටද යම් යම් තොරතුරු වැටී තිබිණි. එහිදී මේ සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාට තොරතුරු ලබාදුන් අය දැනුම් දී සිටියේ පාර්ලිමේන්තුවෙන් පිටත සිටින තුන්වැනි පාර්ශ්වයක් මේ ආකාරයට ඡන්ද විමසීම ඉක්මනින් පැවැත්වීම සඳහා මැදිහත්ව ඇති බවට බරපතළ සැකයක් මතුව ඇතැයි කියාය. ඒ අනුව සජිත්ද මේ තුන්වැනි පාර්ශ්වය කවුරුන්ද යන්න පිළිබඳ කිසියම් සොයාබැලීමක නිරත වීමට පියවර ගත්තේය.

කතානායක නවත්වයි! මරික්කාර් ලයිව් දෙයි!

කෙසේ වෙතත් ආණ්ඩුව තීන්දු කළ පරිදිම රාත්‍රී 7.30 වන විට විවාදය අවසන් කළ යුතු බවට කතානායකවරයා ප්‍රකාශ කිරීමත් සමග විපක්ෂය ඊට එරෙහිව සිය දැඩි විරෝධය පළකිරීම ආරම්භ කළ ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ සමගම පාර්ලිමේන්තුවේ සජීව විකාශයද අත්හිටුවීමට පියවර ගැනිණි. එම නිල සජීව විකාශය අත්හිටුවීමත් සමග සභාගැබේ සිදුවන සියල්ල සිය ෆේස්බුක් පිටුව ඔස්සේ සජීව ලෙස විකාශය කිරීමේ වගකීම භාරගත්තේ සජබ මාධ්‍ය ප්‍රකාශක එස්.එම්. මරික්කාර්ය. වහාම සිය ජංගම දුරකතනය ඔස්සේ පාර්ලිමේන්තුව ඇතුළේ සිදුවන සියල්ල සජීව ලෙස විකාශය කිරීමට කටයුතු කළ මරික්කාර් සජබ මන්ත්‍රීවරුන් පස්දෙනකු කතා කිරීමට ඉතිරිව තිබියදී ඒකපාර්ශ්විකව කතානායකවරයා විසින් පාර්ලිමේන්තු විවාදය නවත්වා ඡන්ද විමසීම සිදුකරන්නට සැරසෙන බව සජීවීව රටට කියා සිටියේය. එමෙන්ම සජිත් කතානායකවරයාට විරෝධය පළකරන ආකාරයත්, සජබ මන්ත්‍රීවරුන් සභාවට මැදට පැමිණ කතානායකවරයාටත්, ආණ්ඩුවටත් විරෝධය පළකරන ආකාරයත් මරික්කාර්ගේ වීඩියෝව හරහා රටටම දැකගන්නට ලැබිණි.

රාජපක්ෂවරු නෑ!

මේ ආකාරයට විපක්ෂයේ විරෝධය මැද පැවැති ඡන්ද විමසීමේදී ආණ්ඩුවට ඡන්ද 122කුත්, විපක්ෂයට ඡන්ද 62කුත් ලැබී තිබිණි. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ පොහොට්ටුවේ ප්‍රධානම රාජපක්ෂවරුන් තිදෙනා වන මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ ඡන්ද විමසන අවස්ථාවේදී සභාවේ නොසිටීමය.

කතානායකට කරන්න යන දේ!

කෙසේ වෙතත් මෙම ඡන්ද විමසීමෙන් පසු සජබ නායකයන් විශේෂ හමුවක් පවත්වා කතානායකවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ සාකච්ඡා කළහ. කතානායකවරයා මීට පෙර අවස්ථා ගණනාවකදීද ආණ්ඩුවට පක්ෂ අයුරින් කටයුතු කොට ඇති බවට චෝදනා එල්ල කළ සජබ මන්ත්‍රීවරු එදින පැවැති පාර්ලිමේන්තු විවාදයේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් පස්දෙනකුට කතාකිරීමට අවස්ථාව නොදී ඡන්ද විමසීම පැවැත්වීම බරපතළ තත්ත්වයක් බවත් පෙන්වා දුන්හ. ඒ අනුව කතානායකවරයාට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගවලට යොමුවිය යුතු බව අවධාරණය කරමින් මෙහිදී මන්ත්‍රීවරු යෝජනා කිහිපයක්ද ඉදිරිපත් කිරීමට කටයුතු කළහ. ඉන් පළමු යෝජනාව වූයේ වහාම පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ සියලු පක්ෂ නියෝජිතයන් කැඳවා කතානායකවරයාට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් පොදු එකඟතාවකට පැමිණිය යුතු බවය. එය විපක්ෂයේ සර්වපාක්ෂික සමුළුවක් ලෙස කැඳවීමටද මන්ත්‍රීවරු යෝජනා කළහ. දෙවැන්න වූයේ කතානායකවරයාගේ පක්ෂග්‍රාහී ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සියලු තානාපති අංශ දැනුවත් කිරීමට තීන්දු කිරීමය. තුන්වැනි යෝජනාව වූයේ කතානායකවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අන්තර් පාර්ලිමේන්තු සංගමයටත්, පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයටත් ලිඛිතව පැමිණිලි කිරීමටය.

පුතා ගහන ගේම මොකද්ද?

මෙම සාකච්ඡාවේදී සජිතුත්, මරික්කාරුත් විශේෂ හෙළිදරව් දෙකක් සිදුකිරීමට පියවර ගත්හ. සජිත් කියා සිටියේ මේ ආකාරයට සභාව වේලාසනින් අවසන් කිරීමට විධායකයේ උපදෙස් අනුව කතානායකවරයාගේ පුත්‍රයාද මැදිහත් වී ඇති බවට තමාට තොරතුරු ලැබී ඇති බවකි. පසුව සජිත් ඒ බව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීමටද පියවර ගත්තේය. මරික්කාර් කියා සිටියේ හිටපු කැබිනට් අමාත්‍යවරයෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක්ද මේ සඳහා මැදිහත් වීමට පියවර ගෙන ඇති බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවය. ඒ බව මරික්කාර් පසුගිය අඟහරුවාදා දිනයේදී සිය පාර්ලිමේන්තු කතාවේදී සඳහන් කිරීමටද පියවර ගෙන තිබිණි.

ඉදිරියේදී ලොකු හෙළිදරව්වක්!

මෙහිදී කතානායකවරයාගේ පුත්‍රයා සම්බන්ධයෙන් ලැබුණු තොරතුර පිළිබඳ සොයා බැලීම සඳහා තවත් මන්ත්‍රීවරුන් දෙදෙනකුට භාරදීමට සජිත් කටයුතු කළේය. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ පුත්‍රයා මේ වන විට ජනාධිපතිවරයා විසින් ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්කොට ඇති බව සජබ මන්ත්‍රීවරුන් වෙත තොරතුරු ලැබී තිබිණි. මීට අමතරව ඔහු සම්බන්ධයෙන් තවත් විශාල තොරතුරු ප්‍රමාණයක් මේ වන විටත් සජිත්ට දැනගන්නට ලැබුණු අතර, එම තොරතුරු තහවුරු කරගැනීමද සජිත් පෙර කී මන්ත්‍රීවරුන් දෙදෙනාටම පැවරීමට පියවර ගත්තේය. ඒ අනුව නතානායකවරයාගේ පුත්‍රයා සම්බන්ධයෙන් ඉදිරියේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට විපක්ෂ නායකවරයා තීන්දු කොට ඇති බව ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

සද්දෙ කැටගොඩගේ! අත කාගෙද?

පසුගිය සතියේදී දූෂණ මර්දන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තුවේ වාද විවාද සිදුවෙද්දී පොහොට්ටුවේ මන්ත්‍රීවරයකු වන ජයන්ත කැටගොඩ මහතා විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය. මෙහිදී කැටගොඩ කියා සිටියේ විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතන යළි කැඳවීමේ බලය පළාත් පාලන අමාත්‍යවරයාට ලබාදීමට පියවර ගතයුතු යැයි කියාය. කැටගොඩගේ එම යෝජනාව පොහොට්ටුවේම තවත් මන්ත්‍රීවරයකු වන සංජීව එදිරිමාන්න විසින් ස්ථිර කළ ආකාරයක් දැකගන්නට ලැබිණි. කැටගොඩත්, සංජීවත් සාමාන්‍යයෙන් සැලකෙන්නේ පොහොට්ටුවේ මහමොළකරු ලෙස හැඳින්වෙන බැසිල් රාජපක්ෂගේ ඉතා සමීපතමයන් ලෙසය.

යෝජනාව ආවෙ ඇයි!

ඒ අනුව හදිසියේම කැටගොඩ විසින් මේ ආකාරයේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ඇයි?
පළාත් පාලන මන්ත්‍රීවරුන් යනු පොහොට්ටුවට ඇති ලොකුම ශක්තියය. 2018දී අතිබහුතරයක් පළාත් පාලන ආයතන ජයග්‍රහණය කරමින් පොහොට්ටුව පළමු වතාවට ලබාගත් මැතිවරණ ජයග්‍රහණයෙන් පසු බැසිල් එම ගමන නතර කළේ පොහොට්ටුවෙන් ජනාධිපතිවරයකු බිහිකොට තුනෙන් දෙකක ආණ්ඩුවකුත් පිහිටුවීමෙන් පසුවය. ඒ අනුව පොහොට්ටුවේ හයිය සහ පිටකොන්ද වී සිටියේ මෙම ප්‍රාදේශීය සභා, නගර සභා මන්ත්‍රීවරුන්ය. නමුත් මේ වන විට පළාත් පාලන ආයතන විසුරුවා හැර ඇති නිසාත්, පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය හෝ නිශ්චිත වශයෙන් ප්‍රකාශයට පත්කොට නොමැති නිසාත් පොහොට්ටුවට ඇති ඒ ශක්තිය යම්කිසි ආකාරයකට හීන වී ඇති ආකාරයක් දැකගන්නට තිබේ. එම හිටපු මන්ත්‍රීවරුන්ද මේ වන විට සිටින්නේ යනඑන මං නොමැතිව කිසිවක් කරකියාගත නොහැකි තත්ත්වයකට පත්වය. විශේෂ සාකච්ඡාවන් සඳහා මෙම හිටපු මන්ත්‍රීවරුන් බත්තරමුල්ලේ පක්ෂ මූලස්ථානයට කැඳවුවද තමන්ට වාහන නොමැති බව පවසමින්, ඉන්ධන නොමැති බව පවසමින් ඔවුන් එම සාකච්ඡා මඟහරින ආකාරයක් පසුගිය කාලය පුරාම දැකගන්නට ලැබිණි. මේ නිසාම වරක් ආණ්ඩුව විසින් පළාත් පාලන කමිටුවක් හරහා නැවත වතාවක් පොහොට්ටුවේ හිටපු මන්ත්‍රීවරුන්ට බලය ලබාදීමට උත්සාහ කළද, විපක්ෂයේ දැඩි විරෝධතාව හමුවේ එය හකුළා ගැනීමට ආණ්ඩුවට සිදුවිය. මේ තත්ත්වය යටතේ ගමේ හිටපු මන්ත්‍රීවරුන් පොහොට්ටුවෙන් ක්‍රමයෙන් ඈත් වෙමින් පවතින තත්ත්වය වළක්වා ගැනීම සඳහා මොනයම් හෝ ක්‍රියාමාර්ගයක් ගත යුතු බව පොහොට්ටුවේ ප්‍රධානීන්ට වැටහී තිබිණි. කැටගොඩ හරහා පසුගිය සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූයේ පොහොට්ටු ප්‍රධානීන්ගේ එම අවශ්‍යතාවයය.

දැඩි තීන්දුවක් එයිද?

මීට අමතරව පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වන නඩු තීන්දුව ඉදිරි කාලයේදී ලැබීමට නියමිත අතර, බොහෝ දෙනා විශ්වාස කරන්නේ ඒ සම්බන්ධයෙන් ඉතා දැඩි තීන්දුවක් අධිකරණ පාර්ශ්වයෙන් ලැබෙනු ඇතැයි කියාය. ඒ සඳහා වූ පළමු සංඥාව ලෙස ඔවුන් සලකන්නේ නඩු විභාගයේදී ආණ්ඩුව වෙනුවෙන් නීතිපතිවරයාත්, මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාත් දැක්වූ විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට පංච පුද්ගල විනිසුරු මඬුල්ල ගත් තීන්දුවය. මේ සමගම දැඩි කලබලයට පත්ව සිටින ආණ්ඩුව මේ වනවිට සැලසුම් කර ඇත්තේ යම් හෙයකින් මෙම නඩුවේදී ආණ්ඩුවට එරෙහිව බරපතළ තීන්දුවක් ලැබුණහොත් මැතිවරණය නියත වශයෙන් පැවැත්වීමට සිදුවන නිසා කුමන හෝ ආකාරයකින් මැතිවරණය පැවැත්වීම තව මාස කිහිපයකින් කල්දමා ගැනීමේ උපක්‍රමයකට යෑමටය. ඒ අනුව ඔවුන්ගේ සැලසුම වී ඇත්තේ දැනට ලබාදී ඇති නාම යෝජනා කෙසේ හෝ අවලංගු කොට ගැනීමය. කෙසේ හෝ එය කරගත හොත් නැවත නාමයෝජනා කැඳවීම ඇතුළු මැතිවරණ ක්‍රියාදාමය ආරම්භ කිරීම සඳහා මාස කිහිපයක කාලයක් ආණ්ඩුවට හිමිවීමට නියමිතය. නඩු තීන්දුව ලැබෙන්නේද පවතින නාමයෝජනා යටතේ මැතිවරණය පැවැත්වීමට බැවින් නාමයෝජනා අවලංගු කරගැනීමෙන් තමන්ට වාසිදායක තත්ත්වයක් නිර්මාණය කරගත හැකි බව ආණ්ඩුවේ ස්ථාවරය වී තිබේ. නමුත් පසුගිය අවස්ථාවේදී මෙන්ම මේ අවස්ථාවේදීද සජබය ප්‍රමුඛ විපක්ෂය තීන්දු කොට ඇත්තේ ආණ්ඩුවේ මෙම සැලැස්මටද එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් වෙත යොමුවීමටය.

ඉන්දියාවේ යනවා!

ජනාධිපතිවරයා බලයට පත්වී මේ වන විට වසරකට අධික කාලයක් ගතවී තිබුණද තවමත් ඉන්දීය සංචාරයක නිරත නොවීම පිළිබඳ බොහෝ දෙනා ප්‍රශ්න මතු කරමින් කතා කරන ආකාරයක් පසුගිය කාලයේදී දැකගන්නට ලැබිණි. මේ නිසාම ආණ්ඩුවේ ප්‍රධානීන්ද දීර්ඝ උත්සාහයකින් පසු මේ මාසයේ ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය තහවුරු කරගැනීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව ආණ්ඩුවේ නිල නොවන ආරංචි මාර්ගවලින් කියැවෙන්නේ ජනාධිපතිවරයා ලබන 20 වැනිදා ඉන්දියාවේ යෑමට සැලසුම් කොට ඇති බවකි.

සබ්‍රිගේ කතාවෙන් අවුලක්!

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ මෙම ඉන්දීය සංචාරයට දින ප්‍රකාශ වී තිබියදී හදිසියේම විදේශ අමාත්‍ය අලි සබි්‍ර මහතා චීන සංචාරයක නිරත වීම මේ වන විට තානාපති ක්ෂේත්‍රයේ විවිධ සාකච්ඡාවලට මාතෘකා සපයා ඇති ආකාරයක් දැකගන්නට තිබේ. බොහෝ දෙනාගේ අදහස වී ඇත්තේ කිසියම් ආකාරයකට සමනය වෙමින් තිබූ ඉන්දු-ශ්‍රී ලංකා මතගැටුම තවත් වටයකින් කරළියට ගෙන ඒමට මෙම සිදුවීම සමත්ව ඇති බවකි. එම චීන සංචාරයේදී අලි සබි්‍ර චීන මුදල් අමාත්‍යාංශ ප්‍රධානීන් මෙන්ම එක්සිම් බැංකුවේ ප්‍රධානීන්ද හමුවීමට පියවර ගත්තේය. මෙම සාකච්ඡාවලදී අලි සබි්‍ර කළ යම් ප්‍රකාශයක් මේ වන විට ඉන්දීය රාජ්‍යතාන්ත්‍රික අංශ අතර කිසියම් කලබලයක් ඇතිකිරීමට සමත්ව ඇති ආකාරයක් වාර්තා වී තිබේ. මෙහිදී අලි සබි්‍ර කියා සිටියේ චීනය සහ ඉන්දියාව අතර මතුව ඇති ගැටලුවලදී ලංකාව සිටින්නේ නිෂ්ක්‍රීය ස්ථාවරයක යැයි කියාය. සබි්‍රගේ මේ කතාව හරහා ඉන්දීය තානාපති අංශවලද ලංකාව පිළිබඳ නැවත වතාවක් යම් සැකයක් මතුව ඇති ආකාරයක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

අලුත් ගිවිසුමකට යයිද?

පසුගිය රාජපක්ෂ පාලන සමයේදී රාජපක්ෂවරුන්ට විශාල අර්බුදවලට මුහුණ දීමට සිදුවූයේ චීනයට හිතකර ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් ඉන්දියාව කෙනිත්තීමට ගොස්ය. ඒ අනුව වත්මන් ආණ්ඩුව චීනය සහ ඉන්දියාව සමග ගනුදෙනු කිරීමේදී ඉතා ප්‍රවේශමෙන් යුතුව කටයුතු කළ යුතු බව බොහෝ දෙනාගේ හැඟීමය. මන්ද යත් මේ වන විට විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ මාතෘකාව අංක එකට පැමිණ තිබීම නිසා ඉන්දියාවේත්, චීනයේත් සහාය ලංකාවට අත්‍යාවශ්‍ය වී තිබේ. දැනටමත් ඉන්දියාව සහ පැරිස් සමූහය නියෝජනය කරන රටවල් ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟතාව පළකර ඇති නමුත්, චීනය තවමත් සිටින්නේ ඊට නිල වශයෙන් එකඟතාව පළකොට නොවේ. අලි සබි්‍ර චීන සංචාරයෙන් පසු ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සාර්ථක බව මාධ්‍යයට කියා සිටියද, තවමත් චීනය පැත්තෙන් ඒ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් නිකුත්ව නොමැති අතර, ඔවුන්ගේ ස්ථාවරය වී ඇත්තේ ලංකාවේ විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ නම් සියලු රටවල් එක හා සමාන ස්ථාවරයක සිට කටයුතු කළ යුතු යැයි කියාය.

පිහිටුවපු සංගමය!

කෙසේ වෙතත් අලි සබි්‍රගේ මෙම චීන සංචාරයේදී ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවලට අමතරව තවත් යම් යම් කරුණු කාරණා සාකච්ඡා වී ඇති බවට බරපතළ සැකයක් තානාපති ක්ෂේත්‍රයේ පැතිර යන ආකාරයක් දැකගන්නට පුළුවන. යම් හෙයකින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුත්තට චීනය එකඟ නොවන්නේ නම් වෙනත් ගනුදෙනුවකින් මුදල් ලබාගත හැකි ආකාරයක් පිළිබඳ සාකච්ඡා වී ඇති බවක්ද මෙහිදී තානාපති ක්ෂේත්‍රයේ කසුකුසුවක් පැතිර යමින් තිබේ. එහිදී බොහෝ දුරට චීනය සමග නිදහස් වෙළෙඳ ගිවිසුමක් අස්සන් කෙරෙනු ඇති බව ඔවුන්ගේ අදහස වී තිබේ. 2022 ජනවාරි පළමු වැනි දින චීනය ප්‍රමුඛ රටවල මැදිහත් වීමෙන් RCEP (Regional Comprehensive Economic Partnership) නමින් සංවිධානයක් පිහිටුවුණු අතර, ඊට අදාළ ගිවිසුමට ඔස්ටේ්‍රලියාව, බෲනායි, දරුසලාම්, සිංගප්පූරුව, වියට්නාමය, චීනය, කොරියාව, මැලේසියාව, ජපානය, පිලිපීනය ඇතුළු රටවල් රැසක් අස්සන් තබා තිබිණ. මෑත කාලයේ ලෝකයේ ඇතිවූ විශාලතම වෙළෙඳ ගිවිසුම ලෙස මෙය සැලකිය හැකිය. නමුත් ඉන්දියාව මීට සම්බන්ධ වූයේ නැත. චීනය එම සංවිධානයේ විශාල කාර්යභාරයක් කිරීම හේතුකොට ගෙන ඉන්දියාව ඒ පිළිබඳ සිටියේ නිරීක්ෂණ මට්ටමේය.

කොළඹගේත් ගිහින්!

කෙසේ වෙතත් පසුකාලීනව චීනය මෙම සංවිධානයෙන් ඉවත් වීමට තීරණය කළේ ආර්ථික වශයෙන් චීනය පසුපසට ඇද දැමීම සඳහා සකස් කළ සූක්ෂ්ම ගිවිසුමක් ලෙස එය වටහා ගැනීමෙන් අනතුරුවය. නමුත් මේ වන විට ලංකාව මෙම වෙළෙඳ ගිවිසුමට ඇතුළත් වීම සඳහා යම් උත්සාහයක් දරමින් සිටින බවට තානාපති ක්ෂේත්‍රයේ සාකච්ඡාවට බඳුන් වී තිබේ. ඒ සඳහා පළමු උත්සාහය දරා තිබුණේ හිටපු විදේශ ලේකම් ජයනාත් කොළඹගේ මහතාය. ජයනාත් එකල ඉන්දුනීසියාවට ගොස් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර තිබූ අතර, අලි සබි්‍රගේ චීන සංචාරය හරහා මෙම කටයුත්ත ඉක්මන් කරගැනීමට ආණ්ඩුව කටයුතු කොට ඇති බවට ඉන්දීය තානාපති ක්ෂේත්‍රයේ සැක මතුව තිබේ.

සිරිවවර්ධනත් චීනෙට!

සබි්‍රට අමතරව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාද හදිසියේම චීනය බලා පිටත්ව යෑමද ඉන්දියාවේ සැකයට තුඩු දී අති බවක් වාර්තා වේ. එමෙන්ම ජනාධිපතිවරයා ලබන ඔක්තෝබර් මාසයේදී චීනයේ සංචාරය කිරීමට නියමිතව ඇති බැවින් ඔහුගේ සංචාරයට අවශ්‍ය පසුබිම සකස් කිරීමට සහ අස්සන් කිරීමට නියමිත ගිවිසුම්වලට අවශ්‍ය පසුබිම සකස් කිරීම සබි්‍රගේ සහ මහින්ද සිරිවර්ධනගේ චී සංචාරයන්හි අරමුණ වී ඇති බවට සැකයක්ද ඉන්දීය තානාපති ක්ෂේත්‍රයේ මතුව ඇති බවක් දැකගන්නට තිබේ. මේ මාසයේ ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයට දින නියම වී තිබුණද මෙම පසුබිම යටතේ එය තරමක් අවිනිශ්චිත තත්ත්වයට පත්ව ඇති ආකාරයක්ද මේ හරහා දැකගන්නට පුළුවන.

සල්ලි නෑ!

පළාත් පාලන මැතිවරණය කල්දමා ගැනීම සඳහා ආණ්ඩුව පසුගිය කාලයේදී ගැසූ ප්‍රධාන තුරුම්පුව වූයේ මුදල් නැතිකමය. රට බංකොලොත් වී ඇති නිසා මැතිවරණ පැවැත්වීමට මුදල් නැතිකම ආණ්ඩුව රටට කී කතාව විය. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මුදල් නිකුත් කරන ලෙස නියෝග කරද්දීත් මහාභාණ්ඩාගාර නිලධාරීන් අධිකරණයට කියා සිටියේ මේ අවස්ථාවේ මැතිවරණයට වෙන් කිරීමට මුදල් භාණ්ඩාගාරයේ නොමැති බවයි.

ගංගානි ගහපු ගේම!

දෙවැනි තුරුම්පුව දියත් වූයේ රජයේ මුද්‍රණාලය හරහාය. මුද්‍රණාලයාධිපතිනි ගංගා කල්පනී මහත්මිය එවකදී කියා සිටියේ මුදල් ලබා නොදෙන්නේ නම් මැතිවරණ පත්‍රිකා මුද්‍රණය කිරීමට කටයුතු කළ නොහැකි යැයි කියාය. ඇය ලිඛිතවම මේ බව මැතිවරණ කොමිසමට දැනුම් දුන් අතර, පළමු වටයේ යම් මුදලක් නිදහස් කළද දෙවැනි වටයට අවශ්‍ය මුදල් ලබා නොදීම නිසා මුද්‍රණාලයාධිපතිනි ගංගා කල්පනී මාධ්‍ය හමු පවත්වමින් කියා සිටියේ මුදල් ලබා නොදෙන්නේ නම් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට නොහැකි බවකි. වෙනත් මැතිවරණවලදී සිදුකරන ආකාරයට මැතිවරණය පැවැත්වීමෙන් පසු මුදල් ලබාදීමේ පොරොන්දුව මත ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර දෙන ලෙසට මැතිවරණ කොමිසම ඉල්ලා සිටියද ගංගා කල්පනී එකහෙළාම කියා සිටියේ ණයට කටයුතු කළ නොහැකි බවත්, මුදල් ලබා දෙන තුරු කිසිවක් නොකරන බවත්ය. අවසානයේ රජයේ මුද්‍රණාලයාධිපතිනියගේ මෙම දැඩි ස්ථාවරය මත පළාත් පාලන මැතිවරණය කල්දැමීමට ආණ්ඩුවට අවස්ථාව හිමි විය.

බොරු ඇස්තමේන්තුවකුත් හදලා!

කෙසේ වෙතත් මේ වන විට මැතිවරණය මෙසේ කල් දැමීම සඳහා රජයේ මුද්‍රණාලයාධිපතිනිය විසින් ගැසූ අමුතු ගේමක් කරළියට පැමිණ තිබේ. ඒ, මැතිවරණයට අදාළ කටයුතු සිදුකිරීම සඳහා රුපියල් කෝටි 9කට වඩා වැඩි මුදලක් යොදා සාවi ඇස්තමේන්තුවක් රජයේ මුද්‍රණාලයාධිපතිනිය විසින් මැතිවරණ කොමිසමට ඉදිරිපත් කොට ඇති බවය. මෙම ඇස්තමේන්තුව ඉදිරිපත් කර ඇත්තේ ඉකුත් ජනවාරි 25 වැනි දිනය. එම ලිපිය මගින් ඇය කියා ඇත්තේ රජයේ සැපයුම්කරුවන්ට අවශ්‍ය මුදල් ලබාදීම සඳහා මෙම මුදල අවශ්‍ය යැයි කියාය.

නිරීක්ෂණ එවන්න කියලා!

මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වීමත් සමග පසුගිය දිනක පළාත් පාලන අමාත්‍යාංශයට පැමිණිල්ලක් ඉදිරිපත් වූ අතර වහාම මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙසට එම ලිපිය මගින් ඉල්ලීමක් කොට තිබිණි. එවැනි ආකාරයේ පැමිණිල්ලක් ලැබීමෙන් පසු අමාත්‍යාංශය ලේකම්වරයා වහාම ක්‍රියාත්මක විය යුතු වුවත්, සිදු වී තිබුණේ ඊට අදාළ නිරීක්ෂණ තමා වෙත ලබාදෙන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයා රජයේ මුද්‍රණාලයාධිපතිනිය වෙත දැනුම් දී තිබීම පමණි.

ආයෙත් වැඩට!

මේ අතර රජයේ මුද්‍රණාලයාධිපතිනිය වන ගංගා කල්පනී මහත්මිය විශ්‍රාම යෑමට නියමිතව තිබුණේ පසුගිය ජුනි 25 වැනි දිනය. ඒ අනුව ජුනි 25 වැනිදා තනතුරට ආයුබෝවන් කියා විශ්‍රාම දිවියට ඇතුළු වීමට ඇය සූදානමින් සිටියාය. නමුත් ආණ්ඩුව පැත්තෙන් ඒ වන විටත් ඇය තවදුරටත් සේවයේ තබාගැනීම සඳහා අවශ්‍ය කටයුතු සංවිධාන කොට තිබිණි. ඒ අනුව ආණ්ඩුව කළේ මුද්‍රණාලයාධිපතිනිය විශ්‍රාම ගිය දිනයේ සිට කොන්ත්‍රාත් පදනම මත තවත් වසරක කාලයක් ඇයව තනතුරේ තබාගැනීම සඳහා කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කොට සම්මත කිරීමය. පළාත් පාලන මැතිවරණය කල්දමා ගැනීම සඳහා කළ උපකාරයට ප්‍රතිඋපකාරයක් කිරීම සදඟා මෙය කළාදැයි කියන්න දන්නේ නැත.

යළි එළියට ආ මොනෝරේල්!

මේ සතියේ අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ අවස්ථාවේදී කැබිනට් මණ්ඩලය ගත් තවත් තීන්දුවක් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා රටට අනාවරණ කළේය. ඒ, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පැමිණි වහා අත්හිටුවනු ලැබූ කොටුවේ සිට මාලබේ දක්වා කණු මතින් දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවූවා යැයි කියාය. ජපානය සමග මේ සම්බන්ධයෙන් යළි සාකච්ඡා ආරම්භ කිරීම සිදුවනු ඇති බවද එහිදී වැඩිදුරටත් කියැවිණි. ඒ අනුව පසුගිය බදාදා සියලු රූපවාහිනී නාලිකාවල සහ පුවත්පත්වල ප්‍රධාන සිරස්තලයක් බවට මේ ජපාන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීම පත්ව තිබිණි.

කතාව ඇත්තද?

නමුත් මේ කතාව ඇත්තක්ද? ජපානය යළිත් කොළඹ මාලඹේ මොනෝ රේල් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සූදානමින් සිටින්නේද?
ඩොලර් බිලියන 2.2ක ජයිකා අරමුදල් යටතේ මෙම මොනෝ රේල් ව්‍යාපෘතිය ආරම්භ කළේ ඉකුත් යහපාලන ආණ්ඩුව යටතේය. එවක ජපානය මෙම ව්‍යාපෘතිය ලංකාවට ලබාදී තිබුණේ 0.01%ක ඉතා සහන ණය පොලියක් යටතේ සහ ලංකාවට ඉතා වාසිදායක ණය කොන්දේසි යටතේය. නමුත් ගෝඨාභය රාජපක්ෂ පාලනය බලයට පැමිණි වහා ජපානය තරහා කරගත් කටයුතු දෙකක් සිදුවිය. ඉන් පළමුවැන්න වූයේ වරාය නැගෙනහිර ජැටිය සංවර්ධන කටයුතුවලින් ජපානය ඉවත් කිරීමය. දෙවැන්න වූයේ මෙම සහනදායී කොන්දේසි මත ඉදිවෙමින් තිබූ මොනෝ රේල් ව්‍යාපෘතිය කිසිදු සාධාරණ හේතු දැක්වීමකින් තොරව ඒකපාර්ශ්විකව කටුගා දැමීමට පියවර ගැනීමය. එවකදී ගෝඨාගේ ආණ්ඩුව පාර්ශ්වයෙන් කියවුණේ පෑලියගොඩ සිට අතුරුගිරිය දක්වා කණු මතින් දිවෙන අධිවේගී මාර්ගයක් ඉදිකරන බවත්, චීනය ඊට ණය මුදල් ලබාදෙන බවත්, මොනෝ රේල් ව්‍යාපෘතිය වියදම් අධික එකක් බවත්, එම නිසා මොනෝ රේල් ව්‍යාපෘතිය අවලංගු කිරීමට කටයුතු කරන බවත්ය.

මීට කලිනුත් නිව්ස් ගැහුවා!

කෙසේ වෙතත් ගෝඨාගේ පලායෑමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා බලයට පැමිණීමෙන් පසු අවස්ථා කිහිපයකදීම මෙම මොනෝ රේල් ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීම පිළිබඳ පුවත් වාර්තා කළ උාකාරයක් දැකගත හැකි විය. ජනාධිපතිවරයා ජපාන හිටපු අගමැති ෂින්සෝ අබේ මහතාගේ අවමගුලට සහභාගි වීම සඳහා ජපානය බලා පිටත්ව යන අවස්ථාවේදී මෙරට මාධ්‍ය කියා සිටියේ මෙම ගමනේදී මොනෝ රේල් ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට ජනාධිපතිවරයා ජපානය සමග සාකච්ඡා පවත්වනවා යැයි කියාය. එම ගමනේදී ජනාධිපතිවරයා මොනෝ රේල් ව්‍යාපෘතිය කෙසේ වෙතත් ලංකාවේ ආයෝජන සිදුකිරීම පිළිබඳ කළ කතාබහේදී ජපානය දැනුම් දී තිබුණේ පළමුව විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ අවසන් කරන ලෙසත්, ඉන් අනතුරුව ආයෝජන සම්බන්ධයෙන් සලකා බැලය හැකි බවත්ය. ජනාධිපතිවරයා එහිදී පවසා තිබුණේ ලබන සැප්තැම්බරය වන විට එම කටයුතු අවසන් කිරීමට ආණ්ඩුව බලාපොරොත්තුවෙන් සිටිනවා යැයි කියාය.
ඉන් අනතුරුව මැයි අවසන් සතියේදී මේ ආකාරයේම පුවතක් පළකරමින් ආණ්ඩුව කියා සිටියේ මොනෝ රේල් ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි කියාය. මාධ්‍ය හමුවේ ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මේ බව කියා සිටි ආකාරයක් දැකගත හැකි විය. එහිදී ප්‍රසන්න කියා සිටියේ අඩු පොලී අනුපාත සහ වසර 12ක ණය ගෙවීමේ සහන කාලය සම්පූර්ණයෙන්ම නොසලකා හැර මෙම ව්‍යාපෘති කොන්ත්‍රාත්තුව අලුත් කිරීමට ආණ්ඩුව තීන්දු කර ඇතැයි කියාය.

ණය වැඩේ ඉවර කරගෙන එන්න!

ඒ අනුව මේ රටේ ජනතාව මේ පුවත දුටු සැණින්ම විශ්වාස කළේ ජපානය යළි මොනෝ රේල් ව්‍යාපෘතිය ආර්ම්භ කිරීමට කැමැත්ත පළකොට ඇතැයි කියාය. නමුත් මේ පිළිබඳ ඉංග්‍රීසි පුවත්පතක් මෙරට ජපන් තානාපති කාර්යාලයෙන් ඒ පිළිබඳ විමසීමක් කොට තිබුණු අතර, ජපන් තානාපති කාර්යාලය දැනුම් දී තිබුණේ ණය ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සහ නව ණය ව්‍යාපෘතියක් දියත් කිරීම ලංකාවේ විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය මත රඳාපවතින බවකි.

තානාපති කියපු කතාව!

එමෙන්ම පළමු වතාවට මෙරට ජපාන තානාපතිවරයා වූ හිදෙකි මිෂකොෂි මහතාද මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකිරීම විශේෂ සිදුවීමක් විය. ඉකුත් මාර්තු 30 වැනි දින ලංකා මෝටර් රථ වෙළෙඳ සංගමය විසින් සංවිධාන කරන ලද උත්සවයකට සහභාගි වෙමින් ජපන් තානාපතිවරයා කියා සිටියේ ‘ඒ ගැන තවම තීරණයක් නෑ. නමුත් ඒ සියල්ල රඳා පවතින්නේ ශ්‍රී ලංකා රජය ප්‍රතිසංස්කරණ කරන්න යන්නේ කොහොමද, සහ ශ්‍රී ලංකාවට ජපාන රජයේ සහ ව්‍යාපාරික ප්‍රජාවගේ වශ්වාසය නැවත ලබාගත හැකිද යන්න මතයි. ඒ කොන්දේසි සම්පූර්ණ වුණාම ඒ ගැන සලකා බලයි කියලා මම හිතනවා’ යැයි ජපාන තානාපතිවරයා එහිදී කියා සිටියේය.

කැබිනට්ටුව විතරක් ‌සම්මත කළාම හරිද?

ලංකාවේ මොනෝ රේල් ව්‍යාපෘතිය පිළිබඳ හෝ ආයෝජන පිළිබඳ හෝ ජපාන ස්ථාවරය වී ඇත්තේ එයය. ඒ අනුව මොනෝ රේල් ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට කැබිනට් මණ්ඩලය දෙවැනි වතාවටත් යෝජනාවක් සම්මත කරගෙන ඇත්තේත්, මෙරට මාධ්‍ය මහා ඉහළින් එම පුවත් වාර්තා කරන්නේත් මෙවැනි පසුබිමක් යටතේය.

ආණ්ඩු දෙකට බෙදෙයෙි!

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඡන්ද විමසීමේ අර්බුදයෙන් පසු ආණ්ඩුව පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේ පැවැති තවත් ඡන්ද විමසීමකදී විශාල අර්බුදයකට මුහුණ දුන් ආකාරයක් දැකගත හැකි විය. ඒ, ඉකුත් බදාදා පැවැති දූෂණ විරෝධී පනත් කෙටුම්පත මුල් කරගෙන පැවැති ඡන්ද විමසීමේදීය. ආණ්ඩුව එම අර්බුදයට මුහුණ දුන්නේ ආණ්ඩුවේම මැති ඇමැතිවරුන් පිරිසක් මෙම දූෂණ විරෝධී පනත් කෙටුම්පතට විරෝධය පළකිරීමට පියවර ගැනීමත් සමගය.

අගමැතිට විරෝධය!

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් මුලින්ම මෙම පනත් කෙටුම්පතට විරෝධය පළකර තිබුණේ ඉකුත් අඟහරුවාදා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් හමුවකදීය. එහිදී මෙම පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ඡා කිරීම ආරම්භ කළ අවස්ථාවේ ගීතා කුමාරසිංහ, මධුර විතානගේ ඇතුළු මැති ඇමැතිවරුන් කිහිප දෙනකුම පෙන්වා දී ඇත්තේ මෙම කෙටුම්පතට සංශෝධන රැසක් ඉදිරිපත් කිරීමට නියමිතව අති බවත්, ඒ හේතුවෙන් බ්‍රහස්තින්දා දිනයේ මෙම පනත සම්මත නොකොට තවත් දිනයකට කල්දමන ලෙසත්ය. යම් හෙයකින් තමන්ගේ විරෝධය නොතකා මෙම පනත සම්මත කිරීමට කටයුතු කළහොත් ඊට ඡන්දය නොදෙන බවද පොහොට්ටු මන්ත්‍රීවරු එහිදී අගමැතිවරයාට පෙන්වා දුන්හ. ඒ අනුව අවසානයේදී දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරුන්ට දැනුම් දී සිටියේ විවාදය බ්‍රහස්පතින්දා දිනයේ පවත්වා වෙනත් දිනයක එය සම්මත කරගැනීමට පියවර ගන්නවා යැයි කියාය.

සම්මත වුණොත් වෙන දේ!

මේ සම්බන්ධයෙන් සාකච්ඡාව නිමා කොට එළියට පැමිණි පෙහොට්ටුවේ මන්ත්‍රීවරයකු මෙහිදී තම හිතවතුන්ට අපූරු කතාවක් කියා සිටි ආකාරයක් දැකගත හැකි විය. ‘මේ පනත මේ විදිහ සම්මත වුණොත් අපේ පක්ෂයේ ලොකුලොක්කො කී දෙනෙක්ට ඇතුළට යන්න වෙයිද දන්නෙ නෑ‘ යන්න එම මන්ත්‍රීවරයා කියා සිටි කතාව විය.

දිනේෂ්ගේ කාමරයේ හදිසි රැස්වීමක්!

කෙසේ වෙතත් බ්‍රහස්පතින්දා දිනයේ මෙම පනත විවාදයට ගනිද්දී සජබය ප්‍රමුඛ විපක්ෂය ඊට සහාය ලබා දීමට තීරණය කිරීම විශේෂ සිදුවීමක් විය. එම කෙටුම්පතේ අඩුපාඩු රැසක් තිබුණද ප්‍රතිපත්තියක් වශයෙන් දූෂණයට විරුද්ධ නිසා සජබය ඊට පක්ෂව ඡන්දය භාවිත කිරීමට කටයුතු කරන බව විපක්ෂය බ්‍රහස්පතින්දා දිනයේදී පාර්ලිමේන්තුවට දැනුම් දී සිටියේය. ඒ සමගම දැඩි ලෙස කලබලයට පත්ව සිටි පොහොට්ටු මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩු පක්ෂයේ ලොබිය තූළ ඊට එරෙහිව ආණ්ඩුවේ ප්‍රධානීන් හට නැවත වතාවක් කරුණු පැහැදිලි කිරීමට පියවර ගත් ආකාරයක් දැකගන්නට ලැබිණි. එහිදී ඇතැම් මන්ත්‍රීවරුන් දැඩිව ආණ්ඩුවේ ප්‍රධානීන්ට පෙන්වා දී තිබුණේ මෙම පනතට ඡන්දය විමසීම කල්දැමිය යුතු බවත්, තම සංශෝධන ඇතුළත් නොකොට ඊට ඡන්දය විමසන්නට කටයුතු කරන්නේ නම් ඊට ඡන්දය ලබා නොදෙන බවත්ය. මන්ත්‍රීවරුන්ගf් මෙම දැඩි විරෝධය හමුවේ දිනේෂ් කළේ සිය නිල කාර්යාලයේ වහාම මේ පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු කිරීමය. ඊට සභානායක සුසිල් ප්‍රේමජයන්ත මහතාටත්, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාටත් ආරාධනා කිරීමටද දිනේෂ් පියවර ගත්තේය.

විජයදාස විරුද්ධ වෙයි!

ඒ අනුව ආරම්භ වූ සාකච්ඡාවේදී පෙර පරිදිම මන්ත්‍රීවරු දැඩිව විරෝධය පළ කරමින් එදින කෙටුම්පත සම්මත කළ නොහැකි බවත්, තම සංශෝධන ඊට ඇතුළත් කිරීමට අවශ්‍ය නිසා පනත සම්මත කිරීම කල්දමන ලෙසත් ඉල්ලා සිටියහ. ඒ අනුව දිනේෂ් සහ සුසිල් මන්ත්‍රීවරුන්ගේ විරෝධය පිළිගෙන පනතට ඡන්ද විමසීම කල්දැමීමට එකඟ වූහ. නමුත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ දිනේෂ් හා සුසිල් ඊට එකඟ වුවද අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ඊට එරෙහිව අදහස් ප්‍රකාශ කිරීමය. විජයදාස කියා සිටියේ මෙම පනත අදම සම්මත කර ගත යුතු යැයි කියාය. ඒ අනුව විජයදාස ඊට විරුද්ධ බව එහි සිටි බොහෝ දෙනකුට වටහාගත හැකි විය. නමුත් පොහොට්ටු මන්ත්‍රීවරුන් රැසක් ඊට විරෝධය පළකිරීම නිසා විජයදාසත් අවසානයේ නිහඬ වූ ආකාරයක් දැකගත හැකි විය.

තොරතුරු ඔක්කොම සජිත් අතට!

කෙසේවෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ සාකච්ඡාව නිමවූ වහා එහි සිටි පොහොට්ටු මන්ත්‍රීවරයකු සාකච්ඡාවේ සිදුවූ දේ සියල්ල විපක්ෂනායක සජිත්ට දැනුම්දීමට පියවර ගැනීමය. එම මන්ත්‍රීවරයා සජිත්ට දැනුම්දී සිටියේ දූෂණ විරෝධී පනත් කෙටුම්පතට මන්ත්‍රීවරු රැසක් විරෝධය පළකිරීම හේතුවෙන් එහි ඡන්ද විමසීම කල්දැමීමට ආණ්ඩුව තීන්දු කළ බවත්, විජයදාස රාජපක්ෂ ඊට අකැමැති බවක් දැකගන්නට ලැබුණු බවත්ය.

සජිත් ගහපු ගේම!

මෙම පණිවුඩය ලැබීමත් සමග සජිත් තීන්දු කළේ දූෂණ විරෝධී පනත් කෙටුම්පතට එදින ඡන්ද විමසීමක් ඉල්ලා සටන් කිරීමටය. ඒ අනුව සජිත් කළේ උපක්‍රමශීලීව පනත් කෙටුම්පතට ආණ්ඩුවේ විරෝධය පළවන තෙක් සිට සහ සභානායක සුසිල් එම විරෝධය හමුවේ පනතට ඡන්දය විමසීම කල් දමන බව ප්‍රකාශ කරන තෙක් සිට අධිකරණ ඇමැති විජයදාසගේ මතය විමසීමය. එහිදී විජයදාස ආණ්ඩුවේ සියල්ලන්ම පුදුමයට පත්කරමින් කියා සිටියේ තමන් එය එදිනම සම්මත කරනවාට විරුද්ධත්වයක් නැතැයි කියාය. ඒ අනුව සජිත් ඇතුළු විපක්ෂය විජයදාස කී කතාව මත පිහිටා දූෂණ විරෝධී පනත එදිනම සම්මත කළ යුතු බව ආණ්ඩුවට දැනුම් දී සිටියහය. එම විරෝධය හමුවේ අවසානයේදී ආණ්ඩුවට සිදුවූයේ පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ විරෝධය නොතකා දූෂණ විරෝධී පනත විපක්ෂයේ සහාය ඇතිව සම්මත කිරීමටය. කෙසේ වෙතත් ඊට අවශ්‍ය සංශෝධන ලබන 19 වැනිදා ඉදිරිපත් කිරීමටද තීන්දු විය.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

සමාගමේ කීර්ති නාමයට හානියක්! ඩොලර් මිලියන 6.9 ආපහු දෙන්න බෑ! අසූචි පොහොර ලංකාවට එවපු චීන සමාගම ලංකාවට දැනුම් දීලා! I Sri Lanka Latest News

Next Post

ටයිටන් සබ්මැරීන අනතුරත් සමග OceanGate සමාගම සියලු මෙහෙයුම් නවතා දමයි !

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.