රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවට ලබා දී ඇති හඩපට ප්‍රසිද්ධියට පත් නොකරන ලෙස රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.
කලින් වාර්තා වී තිබුණේ රාමනායක මහතා ලබා දී ඇති හඩපටවල දයාසිරි ජයසේකර මහතා සමග කරන ලද සංවාදයක තොරතුරුද ඇතුළත්ව තිබූ බවකි.
ඒ අනුව ජයසේකර මහතා දැනුම් දී ඇත්තේ අදාළ හඩපට පැරණි එකක් බවත්, එය වත්මන් කාලසීමාවට අදාළ නොවන නිසා ප්‍රසිද්ධියට පත් කිරීමෙන් වැළකී සිටින ලෙසත්ය.










