ජාතික රූපවාහිනි සංස්ථාව රුපියල් ලක්ෂ 70ක පමණ විදුලි බිලක් නොගෙවීම නිසා රූපවාහිනි සංස්ථාවට ලබාදී තිබූ විදුලි සැපයුම අද දහවල් අත්හිටුවීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබූ අතර විදුලිය විසන්ධිවීමත් සමග ජාතික රූපවාහිනිය ඇතුළු නාලිකා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට විදුලි ජනක ආධාරයෙන් සිදු කිරීමට එහි බලධාරීන් පියවර ගෙන තිබිණි.
ජාතික රූපවාහිනිය සංස්ථාව මාසගණනාවක් තිස්සේ විදුලිය බිල්පත් ගෙවීම පැහැරහැර තිබූ අතර රුපියල් ලක්ෂ 90ක පමණ හිඟ බිල්පත් ගෙවීමට නියමිතව තිබූ අතර පසුව රුපියල් ලක්ෂ 20ක පමණ මුදලක් ගෙවා තිබූ බව ද පැවැසේ










