විදෙස් සමාගමකට බාර දී තිබූ කහතුඩුව, ඉංගිරිය, රත්නපුර සහ පැල්මඩුල්ල දක්වා දිවෙන කිලෝමීටර් 76ක දිගින් යුත් “රුවන්පුර අධිවේගී මාර්ගය” එම සමාගමෙන් ඉවත් කොට දේශීය සමාගමකට බාර දීමට රජය තීන්දු කොට ඇත.
එමෙන්ම මෙම වර්ෂය අවසන් වීමට පෙර ඉදිකිරිම් ඇරඹීමටත්, අදාළ ගිවිසුම අවලංගු කිරීමටත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
මෙම ඉදිකිරීමට අධික පිරිවැයක් සහිත වීම ඒ සදහා හේතු වී තිබේ.
එම අධිවේගී මාර්ගයේ ඉදිකිරිම් කටයුතු දේශීය බැංකු හරහා ලබා ගන්නා අරමුදල් භාවිතා කොට දේශීය ඉදිකිරිම්කරුවන් හරහා සිදු කිරිමටත්, කහතුඩුව සහ ඉංගිරිය අතර කොටස මෙම වසර අවසන් වීමට පෙර අවසන් කිරිමට කටයුතු කරන ලෙසත් දැනුම් දීමටද ආණ්ඩුව තීන්දු කර ඇත.










