මත් උවදුර හේතුවෙන් මල් කැකුළක් වැනි දැරියක් අවාසනාවන්ත ලෙස ඝාතනය වූ බවත් මේ ව්‍යසනය තුරන් නොකරනතාක් කල් මෙවැනි ඛේදවාචකයන් නොනවතින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
අදවනවිට ජාතික ආරක්ෂාව වෙනුවට ඇත්තේ තැන තැන සිදුවන ඝාතන බව කී විපක්ෂ නායකතුමා, සුවිශේෂී නඩුවල සාක්ෂිකරුවන්ද ඝාතනය වෙමින් සිටින බව පැවසීය.
බණ්ඩාරගම, අටලුගම මහපල්ලිය ඉදිරිපිට පදිංචිව සිට අවාසනාවන්ත ලෙස ඝාතනය වූ ෆාතිමා ආයිෂා දියණියගේ නිවසට අද (04) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැමිණ දැරියගේ පවුලේ සියලු දෙනා සමග එක්ව එම ශෝකය බෙදා හදා ගත්තේය.
මේ සංවේගදායක මොහොතේ ඉදිරි කටයුතු වෙනුවෙන් කිසියම් ශක්තියක් වනු පිණිස මියගිය ෆාතිමා ආශියා දැරියගේ මව වන අමීර් මුට්ටියාස් බේගම් මහත්මිය වෙත මූල්‍ය අනුග්‍රහයක් දැක්වූ විපක්ෂ නායකතුමා ඉදිරියේදී ද එම පවුලට ශක්තියක් වන බව පැවසීය.










