පෙම්වතිය අමනාප වීම හේතුකොටගෙන අනුරාධපුරයේ පෙම්වතකු සිය වාහනයේ පැමිණ පෙම්වතියගේ නිවසට පැන එහි තිබූ රථවාහනවලට අලාභහානි කිරීමේ සිදුවීමක් වාර්තා වී ඇත.
මේ සම්බන්ධයෙන් මීට පෙර පොලිසියට පැමිණිලි කර තිබූ අතර ඔහුට එම අවස්ථාවලදී මෙම නිවස පැත්තට හෝ නොපැමිණෙන ලෙසට පොලිසිය විසින් අවවාද පවා කර ඇති බව පැවසේ.
ඔහුගේ පියා ප්‍රදේශයේ ඉන්ධන හල් හිමියකු බවද වාර්තා වේ.
කෙසේවෙතත් මෙතෙක් එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගෙන නොමැත.










