යූ ටියුබ් සමාජ මාධ්‍ය ඔස්සේ වැඩිම අනුගාමිකයින් පිරිසක් හිමි ශ්‍රී ලංකාවේ ප්‍රථම ගායිකාව ලෙස නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වා අද(16) වාර්තාවක් තැබුවාය.
ඒ අනුව යොහනි ගේ යූ ටියුබ් චැනලයේ සමස්ත අනුගාමිකයන් ( ෆෙලොවර්ස්) සංඛ්‍යාව අද (16) දිනයේ ලක්ෂ තුන සීමාව පසු කළේය.
මීට පෙර අනුගාමිකයින් වැඩිම පිරිසක් සහිත ලාංකිකයෙකු සතු යූ ටියුබ් චැනලය වූයේ ඉවුම් පිහුම් කලාව කියා දෙන “අපේ අම්මා ” යූ ටියුබ් චැනලයි.
ලොව පුරා කෝටි 15.5 ක නැරඹුවාර හිමි “මැණිකේ මගේ හිතේ ” ගීතය ප්‍රතිගායනා කිරීම හරහා ඉන්දියාව , නේපාලය , බංග්ලාදේශය ඇතුළු ලොව පුරා අතිශය ජනප්‍රිය වූ යොහානී ට ලැබෙන රසික ප්‍රතිචාර හේතුවෙන් ඇයගේ යූ ටියුබ් චැනලයේ අනුගාමිකයින් ලක්ෂ තුන පසු කීරීමට සමත් වී ඇත.










