මේ දිනවල ලංකාවේ පමණක් නොව බොලිවුඩයේද ඉතා ජනප්‍රිය යොහානි ඩි සිල්වාගේ ‘මැණිකේ මගේ හිතේ’ ගීතයට බොලිවුඩ් සුපිරි තරුවක් වන ටයිගර් ෂ්රෝෆ් නර්තනයේ යෙදෙන වීඩියෝවක් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පළ කිරීමට පියවර ගෙන ඇත.
ටයිගර් ෂ්රොෆ් නිතර තමාගේ විස්මිත හැකියාවන් පෙන්වන වීඩියෝ පට රසිකයින්ට හට සමාජ මාධ්‍ය හරහා පෙන්වීමට ප්‍රිය කරන්නෙකු ලෙස සැලකේ.
මෙහිදී ටයිගර්ගේ නර්තනයට රිතික් රොෂාන් සිය අදහස් දක්වමින් “සුපිරි” යනුවෙන් කමෙන්ට් කර ඇති ආකාරයක්ද දැකගත හැක.