යාල ජාතික වනෝද්‍යානය තුළ සිටින දුර්ලභ කළු දිවියෙකු දෙස් විදෙස් සංචාරකයන්ගේ කැමරාවක සටහන් වී තිබේ.
ඊයේ උදෑසන 8.45 ට පමණ වනෝද්‍යානය තුළ මෙම සත්වයා මාර්ගයේ එක් පැත්තක සිට අනෙක් පැත්තට මාරු වී යන ආකාරයක් දැකගන්නට ලැබී ඇත.
මෙම සතා මුලින්ම පර්වතයක් මත දිස් වූ බවත් පසුව මව් සතා සමඟ අනෙක් පැත්තට යන මාර්ගය හරහා ගිය බවත් වාර්තා වේ.
යාල ප්‍රදේශයේ වසර 30ක පමණ කාලයක සිට සෆාරි සංචාරවල නිරත වන පුද්ගලයකු පැවසුවේ යාල වනයේ කළු දිවියෙකු දුටු පළමු අවස්ථාව මෙය බවයි.