ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිත නව ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව මේ වනවිට සමාජය තුළ විශාල ප්‍රතිරෝධයක් මතුවන ආකාරයක් දැකගන්නට තිබේ.
ඊයේ පැවැති සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන්ගේ හමුවකදී හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාද මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ආකාරයක් දැකගත හැකි විය.
එහිදී ඔවුන් කියා සිටියේ මෙය සම්මත වුවහොත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන්ම අහෝසි වී යනු ඇති බවකි.