• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යහපාලන ඇමතියා නිසා මධ්‍යම අධිවේගය නවතීද?

February 28, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
යහපාලන ඇමතියා නිසා මධ්‍යම අධිවේගය නවතීද?
Share on WhatsAppShare on Facebook

“අවශ්‍ය මුදල් පවා ප්‍රමාදයකින් තොරව ලබා දී තිබියදී යහපාලන අමාත්‍යවරයාගේ කොන්ත්‍රාත් සමාගමේ ඉදිකිරීම්වල ප්‍රමාදය නිසා සැලසුම් කළ දිනට මාර්ගය අවසන් කළ නොහැකි බව මාර්ග නිරීක්ෂණයේ දී පෙනී ගියා.
යහපාලන අමාත්‍යවරයාගේ කොන්ත්‍රාත් සමාගමට අයත් කොටසේ පමණයි ප්‍රශ්ණ තිබෙන්නේ. ඉදිකිරීම් පමා වූ සමාගම පිළිබදව ලබන අගහරුවාදා දින තීන්දුවක් ගන්නවා . කුරුණෑගල – දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ගැට්ටුවාන අන්තර් හුවමාරු මධ්‍යස්ථානය අවට නව නගරයක් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා.’ යැයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ පලමු කොටසේ සහ මීරිගම සිට පොතුහැර දක්වා වූ දෙවන කොටසේ ඉදිකිරීම්වල වත්මන් තත්වය සොයා බැලීමට මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පසුගිය දා නිරීක්ෂණ චාරිකාවකට එක්විය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මෙසේද කීය.

මධ්‍යම අධිවේගී මාර්ගය සම්බන්ධව ඉතාමත් කනගාටුදායක තත්වයක් තිබුණේ. පසුගිය රජයේ හිටපු ප්‍රබල ඇමතිවරයෙක් මෙම මාර්ගයේ එක් කොටසක් ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත් අරගෙන තිබෙනවා. එම කොටසේ ඉදිකිරීම් කටයුතු මේ වන විටත් පමා වෙලා තිබෙනවා. අවස්ථා කිහිපයකදීම අපි එම සමාගමට අවවාද කලා එම මාර්ග කොටසේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන ලෙසට. ඔවුන්ට අවශ්‍ය මුදල් පවා ප්‍රමාදයකින් තොරව ලබා දුන්නා. නමුත් එම මාර්ග කොටසේ සංවර්ධන කටයුතු නියමිත දිනයට සැලසුම් සකස් කල ආකාරයට නිම කරගන්න බැරිවෙයි කියල මේ නිරීක්ෂණ චාරිකාවේ දී අපිට පෙනී ගියා. මීරිගම සිට පොතුහැර දක්වා මාර්ග කොටස දේශීය කොන්ත්‍රාත් කරුවන් කිහිප දෙනෙකු ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලැබුවා . ඉදිරියට මෙම කොටසේ ඉදිකිරීම් කටයුතු තව දුරටත් සිදු කරනවද නැද්ද පිළිබඳ ඉදිකිරීම් පමා වූ සමාගම ලබන අගහරුවාදා දින තීන්දුවක් ගත යුතුයි . ඔවුන්ට ඉදිකිරීම් කටයුතු තවදුරටත් කරගෙන යාමට නොහැකි නම් මේ වන විට ඉදිකිරීම් කටයුතුවල අවසන් අදියරේ සිටින අනෙකුත් කොන්ත්‍රාත් සමාගම් වලට ඔවුන්ගේ කොටසේ ඉදිකිරීම් ඉදිරියට කරගෙන යාමට අවස්ථාව ලබා දී ඔවුන් ඉවත් විය යුතුයි . නැත්නම් මෙයින් සිදු වන්නේ මේ වන විට ඉදිකිරීම් කටයුතු වල අවසන් අදියරේ සිටින කොන්ත්‍රාත් සමාගම් වලටත් අගතියක්. වැඩ බිමේ සේවය කරන අය වැඩ පමාව පිලිබදව නොයෙක් දේවල් කිව්වා. ‍ පෞද්ගලික දේශපාලනය නිසා හිතාමතාම ඉදිකිරීම් කටයුතු පමා කරනවා, ඒ ගැන හොයලා බලන්න කියලා. අනිත් අදියර වල ඉදිකිරීම් කටයුතු සාර්ථකව කරගෙන යනවා.
හිටපු අමාත්‍යවරයාගේ කොන්ත්‍රාත් සමාගමට අයත් කොටසේ පමණයි ප්‍රශ්ණ තිබෙන්නේ. අපි දේශපාලන පලිගැනීම් කරලා නැහැ. අවුරුදු එක හමාරක් පුරාවට අපි ඉදිකිරීම් පමා වූ සමාගමට අවස්ථාව ලබා දුන්නා ඉදිකිරීම් කටයුතු අවසන් කරන්න කියලා .
කුරුණෑගල – දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ගැට්ටුවාන අන්තර් හුවමාරු මධ්‍යස්ථානය අවට නව නගරයක් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙම අධිවේගී මාර්ගය දෙපස පැල සිටවීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා . ඊට අවශ්‍ය මූලික සැලසුම් මේ වන විට සකස් කරමින් පවතිනවා . මම විශ්වාස කරනවා මේක ඉක්මනින් කරගන්න පුලුවන් වෙයි කියලා.

පාස්කු ප්‍රහාර වාර්තාව සම්බන්ධයෙන් ආණ්ඩුවේ සිටින විවිධ පාර්ශ්වයන් විවිධ මත ප්‍රකාශ කරනවා. මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය කුමක්දැයි මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්ණයට පිලිතුරු ලබා දුන් අමාත්‍යවරයා

විවිධ මත වලින් වැඩක් නැහැ. විවිධ මත ඕනෑ තරම් තිබෙන්න පුළුවන්. මටත් තිබෙනවා මගේ පෞද්ගලික මතය . ඒ මත වලින් වැඩක් නැහැ. නීතියයි ක්‍රියාත්මක වෙන්න ඕනෑ. නීතිය ක්‍රියාත්මක කරන්න තමයි මේ රටේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට රාජ්‍ය බලය ලබා දුන්නේ. මහින්ද රාජපක්ෂ මැතිතුමාට අගමැතිකම දුන්නේ නීතිය ක්‍රියාත්මක කරන්නයි.අපිට සම්පූර්ණ විශ්වාසය තිබෙනවා ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ගැන. එම නිසා වෙන අය කියන දේවල් ගැන අපිට වැඩක් නැහැ. නීතිය අකුරටම ක්‍රියාත්මක වෙනවා. ඒ ගැන කිසිම සැකයක් තියාගන්න එපා.මේ හදන්නේ දේශපාලනය කරන්න. බෝම්බ පිපිරෙන කොට ගෙවල් වලට වෙලා හැංගිලා ඉන්න කියලා තාත්තා කිව්වා කියලා කියපු අය , බෝම්බ පුපුරවලා මිනිස්සු මැරෙන්න ඉඩ හැරලා බලන් හිටපු අය , පාස්කු ප්‍රහාරය ඇතිවෙන්න රටේ ආරක්ෂාව ඉවත් කරලා දුන්න නායකයෝ සිටිය ආණ්ඩුවක් තමයි පසුගිය යහපාලන රජය. රටේ නීතිය කාටත් පොදුයි. ඒ නිසා නීතිය අනිවාර්යෙන් ක්‍රියාත්මක වෙනවා. නීතිය ක්‍රියාත්මක වෙන තැන අපි අනිවාර්යෙන්ම හිට ගන්නවා. යටි අරමුණු තියෙන අය කවුරුවත් මෙතැන නැහැ. ඒක අපිට පැහැදිලිව කියන්න පුළුවන්. මේ ගහන්න හදන්නේ මඩ ප්‍රහාර. මිනිස්සු මරාපු අය අද මිනිස්සු රකින්න ඉදිරිපත් වුන අයට මඩ ගහනවා.ඒක තමයි ඇත්ත .මම වගකීමෙන් කියනවා නීතිය අකුරටම ක්‍රියාත්මක කරනවා කියලා . වැරදිකරුවන් කිසිම කෙනෙකුට බේරෙන්න ඉඩ දෙන්නේ නැහැ. විපක්ෂය අද බොර දියේ බොර දියේ මාළු බාන්න මේකෙන් උත්සහ කරනවා.

මෙම අවස්ථාවට මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් , කඩවත සිට මීරිගම දක්වා වූ පලමු කොටසේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩබ්.කේ.කොඩිතුවක්කු , මීරිගම සිට පොතුහැර දක්වා වූ දෙවන කොටසේ ව්‍යාපෘති අධ්‍යක්ෂ කෙහෙල්ඇල්ල , ඉදිකිරීම් භාර කොන්ත්‍රාත් සමාගම් වල නිළධාරීන් ඇතුලු පිරිසක් සහභාගී වූහ.

SendShareShare
Previous Post

කොරෝනා එක්ක හැප්පුණු PHI ඩෙංගුවලින් මරුට

Next Post

ජපානෙන් ගලවපු ‘මොන‌ෝ රේල්’ චීනෙට! ඩොලර් මිලියන 180ක ලෝන් එකක් සම්මතයි

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.