තමන් ජනාධිපති ධූරයෙන් විශ්‍රාම යාමට ප්‍රථම එක් අයකුට හෝ මරණ දඩුවම ලබා දෙන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රසිද්ධියේ කර තිබූ ප්‍රකාශය මේ වනවිට පුස්සක් වන ලකුණු පහළ කොට තිබේ.
ඒ්, මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණය මඟින් වරදකරු කර මරණීය දණ්ඩනය නියම වී සිටින සිරකරුවන්ගේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා විසින් ගනු ලැබු තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් පනවා තිබූ තහනම් නියෝගය දෙසැම්බර් මස 10 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) දින නියම කිරීමත් සමගය.
මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා විවිධ පාර්ශව විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 15 ක් අද බුවනෙක අලුවිහාරේ, එස්. තූරෙයිරාජා සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුණු අතර එහිදී එම විනිසුරු මණ්ඩලය විසින් එම තහනම් නියෝගය දීර්ඝ කරනු ලැබීය.











