ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා දීපවාලි උත්සවය සමරා තිබුණේ කාර්ගිල් ප්‍රදේශයේ ආරක්ෂාවේ නිරතව සිටින ඉන්දීය හමුදා සාමාජිකයන් සමගය.
මෙහිදී මෝජි හමුදා සාමාජිකයන්ට රසකැවිලි කවද්දී ඔවුන් ලංකාවම දන්නා කියන ගීතයක් ගායනා කරනු දැකගත හැකි විය.
ඒ, ‘සුරාංගනී… සුරාංගනී… සුරංගනීට මාලු ගෙනාවා…’ ගීතයය.
මෙම ජනප්‍රිය ගීතය ගායනා කොට තිබුණේ ලංකාවේ සිටි ඒ්. ඊ. මනෝහර් නමැති ඉන්දීය දෙමළ ජාතික ගායකයෙකි.
70 දශකයේ මෙම ගීතය අතිශය ජනප්‍රිය වූ අතර පසුව මනෝහර් ඉන්දීය දෙමළ සිනමාවට පිවිස නළුවකු මෙන්ම ගායකයකු වශයෙන්ද ප්‍රසිද්ධියට පත්විය.










